HSBC බැංකුවේ අයථා විදේශ විනිමය ගනු දෙනු ගැන මහ බැංකු විමර්ශනයක්

hsbc-bankශ්‍රී ලංකාවේ HSBC බැංකුව අයථා ලෙස විදේශ විනිමය ගනු දෙනු වල නිරත වී ඇත්දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇත. මෙම විමර්ශනයට මුල් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාගම් කීපයක් සඳහා මාලදිවයිනේ බැංකු වල විවaත කරන ලද ගිණුම් කිහිපයක්ය. ශ්‍රී ලංකාවේ බැංකු වලට විදේශ වලින් කෙලින්ම ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් වැඩ පිළිවෙලක් දියත් කල අවස්ථාවේ මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. දැනට කරන විමර්ශන වලට අනුව පෙනී යන්නේ විනිමය නීති උල්ලංඝනය කිරීමෙන් මාලදිවයිනේ බැංකු වල ගිණුම් ආරම්භ කොට ඇති බවයි. මේ ගිණුම් විවaත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දීමක් සිදු කොට නැති බවත් වාර්තා වේ . මේ අතර වාරයේ HSBC බැංකුවේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කල Patrick Gallagher ගේ සේවා කාලය අවසන් වීමට පෙර ඔහුට ලන්ඩනයට යලිත් වාර්තා කරන ලෙස නියෝග කොට ඇත. Gallagher මහතාගේ සේවා කාලය තුලදී ඉහල පෙලේ නිලධාරීන්ගේ ගනු දෙනු සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා පිළිබඳව වාර්තා විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.