අකිල සහ දුෂ්මන්තට IPL ලංසු

akila-dushmanthaඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ සහ අද දිනයේදී පැවැත් අතර එය මේ වන විට අවසන් වී තිබෙනවා එහිදී බටහිර ඉන්දීය කොදෙවි ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් යලි වෙන්දේසියට ඉදිරිපත් කළ අතර එහිදී කිංග්ස් එලෙවන් පන්ජාබ් කණ්ඩායම විස්සයි විස්ස භයානක පිතිකරුව ඉන්දියානු රුපියල් කෝටි දෙකකට මිලදී ගත්හ.

නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් නැවත වරක් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණත් ඔහු වෙන්දේසියේදී අලෙවි නොවු අතර ඉන්දියානු වේගපන්දු යවන්නකු වන වරුන් අරූන් ද එම වෙන්දේසියේදී අලෙවි නොවීම විශේෂිත සිදුවීමක් විය.

මේ අතර ඇෆ්ගනිස්තානු 19න් පහළ දග පන්දු යවන ක‍්‍රීඩක මුජීබ් සද්රන් ඉන්දියානු රුපියල් කෝට් 04කට කිිංග්ස් එලෙවන් පංජාබ් කණ්ඩායම මිලදි ගැනීම සුවිශේෂී විය.

ඊයේ නිමාවුණු තුන්කොන් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය හා දුෂ්මන්ත චමීර මෙම අයි.පී.එල් වෙන්දේසියේදී අලෙවි වූ අතර මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම ඉන්දියානු ලක්ෂ 50කට අකිල මිලදී ගත් අතර රාජස්ථාන් රෝයල් කන්ඩායම ඉන්දියානු ලක්ෂ 50කට දුෂ්මන්ත චමීර මිලදී ගත්තේය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ බිහිවූ සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙවර වෙන්දේසියේ දී අලෙවි නොවු අතර බංගලාදේශ තරගාවලියේදී දස්කම් දැක්වු තිසර පෙරේරාද මිලදි ගැනීම සදහා කිසිදු වෙන්දේසිකරුවකු ඉදිරිපත් නොවීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.