මහනුවර නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළ හොර මත්පැන් අළෙවි මධ්‍යස්ථානයක්

kandyමහනුවර නගරයේ සුපිරි  වෙළෙඳ සැළක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බලපත්‍ර නොමැති මත්පැන් අළෙවි මධ්‍යස්ථානයක් වැටලූ මධ්‍යම ප‍ළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් එහි තිබූ රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 39 ක් සමඟ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීයකු උපාය දූතයකු ලෙස යොදවා ‍මත්පැන් මිලදී ගැනීමට සලස්වා අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. විදේශ ගතව පැමිණෙන පුද්ගලයින් ගෙන් ලබා ගන්නා විස්කි බ්‍රැන්ඩි රම් ,ජින්,වොඩ්කා වැනි මත්පැන් මෙහිදී බලපත්‍ර නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ අළෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.