ලූල්කඳුරේ දිවි රජාගේ මරණය අභිරහසක්

lepordදෙල්තොට ලූල්කඳුර ප‍්‍රදේශයේදී අඩි 7ක් පමණ දිග දිවියකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි වන රක්ෂණ නිලධාරීන් පවසන්නේ. මෙම දිවියා පසුගිය සඳුදා හැන්දෑවේ මිය ගොස් තිබෙන බව තමන්ට ආරංචි වූ අවස්ථාවේ මේ පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා පේරාදෙණියේ පශුවෛද්‍ය විශේෂඥයෙකුට තමන් ආරධනය කළ බවයි අඩවි වන නිලධාරී ජී. ආර්. ධර්මරත්න මාධ්‍යයට පැවසුවේ. ශී‍්‍ර ලංකාවේ දිවියන්ගේ ගහනය ඉතාමත් සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින අතර ලෝක ස්භාවික පරිසර සංරක්ෂණ සංවිධානය විසින් 2008 දී දිවියන් වඳ වෙමින් පවතින බව වාර්තා කොට ඇත. දැනට පවතින නීති යටතේ දිවියන් මරා දැමීම හෝ හිංසාවට ලක් කිරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

lepord

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.