
1)සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 සංගණන අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 17%ක් තමන්ගේ සහකරුවා අතින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. එම සංගණනයම පෙන්වා දුන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූවන්ගෙන් 20%ක් නගරාශ්‍රිත බවත්, 16%ක් ගම්බද සහ 17%ක් වතු ආශ්රිත බව යි.
2) 2005 දී ගෘහස්ථ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමේ පනත සම්මත කරමින් ගෘහස්ථව සිදුවන අපයෝජනයන් වළකමින් ආරක්ෂාව සලසන්නට නීතියට හැකි වී ඇත.
3)දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය අනුව අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන බව යි. මෙයට අසභ්‍ය අභිනයන්, අනවශ්‍ය බලපෑම්, නුසුදුසු පණිවිඩ මෙන්ම සිහි විකලව සිටිය දී හෝ මධ්‍යසාර මඟින් මත්කර සිදුකරන අකටයුතුකම් ද ඇතුළත් වේ.
4)1980 අල්ලස් පනත යටතේ, රැකියා ස්ථානයේ ලිංගික අල්ලස් දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එවන් කිසියම් හිරිහැරයක් සිදුවේ නම් පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය, කාන්තා පිහිට (WIN), සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) (ලක්වන්නා අවු.18ට අඩු නම්) වෙතින් උපකාර ලබාගත හැකියි.
මෙම සිදුවීම පොදු ප්‍රවාහනයේදි සිදුවුවහොත් පොදු ප්‍රවාහන කොමිෂන් සභාව, පොලීසිය, කාන්තා පිහිට (WIN), හෝ NCPA වෙත පැමිණිලි කළ හැකියි.
5). 2015 ශ්‍රී ලංකා පොලීසියේ දත්ත වලට අනුව 80% කට වැඩි ප්‍රමාණයක් දූෂණ සිදුවී ඇත්තේ වයස අවු. 16ට අඩු දැරියන්ටය.
6) CERT|CC මඟින් 2017 දී කළ පර්යේෂණයකින් පෙන්වා දෙන ලද්දේ එවන් කටයුතුවලින් 14%ක් ව්‍යාජ (ෆේක්) ගිණුම් හරහාත්, 11% ගිණුම් වෙත බලහත්කාරයෙන් ඇතුළුවීමෙන් (හැක් කිරීමෙන්) ද 9%ක් ඡායාරූප අවභාවිතයෙන් ද 12%ක් අන්තර්ජාල හිරිහැරකිරීම් (cyberbullying) ද 3%ක් අන්තර්ජාල වංචාවන් වශයෙන් ද සිදුකර ඇති බව යි. මේවා අන්තර්ජාලය හරහා සිදුවන නිසා බොහෝ දෙනෙක් එය සුළු කොට තැකුව ද අන්තර්ජාල අපයෝජනයන්ගෙන් විය හැකි හානි ඉතා බරපතල යි.
කෙනෙකුට අන්තර්ජාල ප්‍රචණ්ඩත්වයට හසුවූවිට පොලිසියේ කාන්තා හා ළමා අංශය, කාන්තා පිහිට (WIN), හෝ CERT මඟින් සහාය පැතිය හැකියි.
7)කාන්තාවන් වෙනුවෙන් ‘1938’ යන දුරකතන අංකය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන් සහන සැපයීමේ අදාල සංවිධාන සමග සබඳාලීමට කටයුතු කරනවා. අනතුරුව කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව ඔවුන්ට අවශ්‍ය නෛතික සහාය ලබා දෙනවා. කිසියම් පැමිණිල්ලක් අදාල සංවිධානයකට යොමුවූවිට එහි උපකාර සේවාව එම ගැටළුව නිරාකරණය වන තෙක්ම ඒ පිළිබඳව සෙවිල්ලෙන් සිටිනවා.