අපි කසාද බැඳලා කොහාටද යන්නේ?

ඩුබායි හි ජීවත්වූ ඊජිප්තු ජාතිකයන් වන 36 හැවිරිදි විදුලි සංදේශ ඉංජිනේරුවකු වූ ඛාලිඞ් හා මාධ්‍ය ආයතනයක සේවයකළ 35 හැවිරිදි පෙරී පසුගිය මාර්තු හය වැනිදා ඊජිප්තුවේ කයිරෝ නගරයේදී විවාහ වෙද්දී ඔවුන් දීර්ඝ මධුසමයක් සැලසුම් කරගෙන තිබිණ. අට වසරක පෙම් පුවතට අනුරාග හෝරාව එළඹී තිබෙන බව ඔවුන් දැන සිටියහ.

කයිරෝ විවාහ උත්සවයෙන් දින කිහිපයක් ගෙවී ගිය තැන මේ නව යුවළ මෙක්සිකෝවේ කැන්කුන් නගරය කර ගුවන්ගත වන අවස්ථාවේදී කොරෝනා පිළිබඳව පුවත් එහෙන් මෙහෙන් වාර්තා වෙන්නට පටන් ගෙන තිබෙන.

එහෙත් සුන්දර පෙම් දැහැනක පැටලී සිටි ඔවුන්ට මධු චන්ද්‍ර යාමය හැරෙන්නට අන් කිසිවක් පිළිබඳව සිහි කල්පනාවක් නොවිය. සමාජ දුරස්ථකරණය ප්‍රේමණිය ආලිංගනය දොර විවර කොට දුන්නේය.

මෙක්සිකෝවේ නිවාඩුව අවසන් කල මේ දෙදෙනා මාර්තු 19 වැනිදා යලි ඩුබායි වෙත එන්නට පිටත්වුයේ තුර්කිය හරහාය. ඒ අනුව මේ දෙදෙනා ගුවන් යානයකින් මෙක්සිකෝවේ සිට තුර්කියේ ඉස්තාන්බුල් වෙත පැමිණෙමින් සිටියදී ඩුබායි පාලකයන් විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරටට විදේශිකයන්ට ඇතුළුවීමේ සීමා පැනවීය. ඒ වන විට මේ දෙදෙනා සිටියේ ගුවන් යානයක මෙක්සිකෝවෙන් පිටත්ව උඩු ගුවනේය. දැනටමත් ගමන ආරම්භ කර ඇති නිසා ඩුබායි වෙත යන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි මේ දෙදෙනා සිතූහ. එහෙත් ඉස්තාන්බුල් හිදී ගුවන්තොටුපල නිලධාරීන් නව නීතිරීති අනුව මේ දෙදෙනාට ඩුබායි වෙත යන ගුවන්යානයට ගොඩවන්නට අවසර නොදුන්හ.

ඒ වන විට තුර්කියද නව නීති පනවමින් විදේශිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබිණි.මේ නිසා දෙදෙනා ඉස්තාන්බුල් ගුවන් තොටුපලේ සිරවූ අතර දෙදෙනාට වලංගු ගුවන් යානා ප‍්‍රවේශ අවසරපතක් නොතිබීම නිසා එම දෙදෙනාගේ ගමන් මලූ‍ ගුවන්තොටුපලෙන් ලබා ගන්නට හෝ අවශ්‍ය ඇඳුම් හා අනෙකුත් ද්‍රව්‍ය ගුවන්තොටුපලේ කඩසාප්පු වලින් මිලදී ගන්නට හෝ අවස්ථාවක්ද නොවීය.

දැන් ප්‍රබල අභියෝගයකි

ඒ වන විට තුර්කියේ සිට ඊජිප්තුව තෙක් ගුවන් ගමන් ද නවතා දමා තිබිණි. දින කීපයක් තිස්සේ විවිධ උත්සාහයන් ගත්තද ඒ කිසිවක් සාර්ථක නොවීය. කරන්නට දෙයක් නොමැති තැන දෙදෙනා එක්ව අන්තර්ජාලයේ සැරිසරමින් තුර්කියේ සිට ගුවන් යානා ඒ වනවිටත් ගමන් කරන ඊජිප්තු ජාතිකයනට වීසා නොමැතිව ගමන් කල හැකි රටක් සෙවුහ.

මේ වන විට ලංකාව විදේශිකයින් මට තහනම්වි භූමියක් වි හමාරය. ඔවුන්ට එවිට හමුවූ එකම රට මාලදිවයිනයි.

සැබවින්ම ඔවුන් මෙක්සිකෝවට වඩා මාලදිවයිනට මධුසමය සඳහා යාමට මුලදීම අදහස් කරගෙන සිටියද පසුව කවර හෝ හේතුවක් මත ඒ සඳහා මෙක්සිකෝව තෝරා ගෙන තිබිණි දෛවය තමන්ට සරදම් සිනාවක් පාන බව ඔවුන් තේරුම් ගත්හ .

වහාම ගුවන් ටිකට්පත් ලබා ගත් දෙදෙනා ඊළඟට මාලදිවයින බලා යන යානයෙන් මාලදිවයිනට ගියහ.එම යානයේ මේ දෙදෙනාගේ ගමන් මලූ‍ මාලදිවයිනට යවන්නට ඉස්තාන්බුල් ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර තිබිණි. මාලදිවයිනේදී දින ගනනාවකට පසු තම ගමන් මලූ‍ දුටු දෙදෙනා අතිශය සතුටට පත්වුහ.

තුර්කි ගුවන් තොටුපලේ ආසන වල දින ගනනක් නිදාගෙන වෙහෙසට පත්ව සිටි දෙදෙනා මාලේ ගුවන්තොටුපලෙන් එලියට එද්දී දැඩි සතුටට පත්වුයේ යන්තම් දිනගන්නකට පසු වෙහෙස නිවා ගන්නට ඇඳක් ලැබෙන නිසාය.

නවතින්නට හෝටලයක් සොයා ගත් ඔවුන්ට තත්වයේ බරපතලකම වැටහුනේ තමන් අතවු මුදල් අවසන් වන්නට පටන් ගැනීමත් සමගය. මධුසමය සඳහා පිටත්ව ගිය බැවින් දෙදෙනා ලැප්ටොප් පරිගණකද රැගෙන ගොස් තිබුනේ නැත. එම නිසා ඉන්නා තැනක සිට සේවයේ යෙදෙන්නටද නොහැකිවී තිබිණි.

coupleහෝටල් දොර වැසෙයි

මේ දෙදෙනා නවාතැන් ගත් දුපතේ හෝටලයේ දින කීපයකට පසු ඉතිරි වුයේ මේ දෙදෙනා පමණි. එම නිසා හෝටලය වසා දමන ලදී. ඉන්පසු වෙනත් දුපතක් වෙත ගිය මේ දෙදෙනාට එම ඉරණමටම මුහුණපාන්නට සිදුවුයේ එම හොටලයද වසා දැමීම නිසාය.

අතරමං වී පැමිණීම

පසුව මාලදිවයින රජය විසින් ඔල්හුවේ දූපතේ හෝටලයක සහනදායක ගාස්තු යටතේ මේ දෙදෙනාට නවාතැන් ලබා දෙන ලදී. තවත් හැත්තෑවකට අධික විදේශිකයන් පිරිසක් මේ දුපතේ සිටින අතර ඔවුන් සියල්ලම පාහේ මධුසමය සඳහා එහි පැමිණි තරුණ යුවලවල්ය. මේ දෙදෙනා ඔවුන්ගෙන් වෙනස් වන එකම කාරණය නම් අනෙක් අය කෙලින්ම මදුසමය සඳහා මාලදිවයිනට පැමිණීමත් මේ දෙදෙනා මධුසමයට මෙක්සිකෝවට ගොස් තුර්කියේ අතරමං වී යන්නට තැනක් නොමැතිව මාලදිවයිනට පැමිණීමත්ය.

නිමා නොවන මධුසමයක සතුට භුක්ති විඳිමින් තම රටවල් නැවත විවෘත කරන තුරු මේ පිරිස බලාසිටින්නේ තවත් මේ ලොක්ඩවුන් කාලය දික්වනවාට කැමැත්තෙන්ද , එසේත් නැතිනම් ඉක්මනින් රටවල් විවෘත කරනවාට කැමැත්තෙන්දැයි දන්නේ ඔවුන්ම පමණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.