අමරකීර්ති මේ අහන්න – උගත යුත්තේ ඇයි?

amarakeerthi

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහාචාර්ය ලියනගේ අමරකීර්ති අපූරු දෙසුමක් කරයි. එදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක දිග කොරිඩෝර් එකකින් පුස්තකාලයට සම්බන්ධ වී තිබු බව සිසුන්ට මතක් කරයි.

හොඳින් ව්‍යක්තව හා චතුරව වාචික හා ලිඛිත ඉදිරිපත් කිරීම් කිරීමේ කුසලතාවය සිසුන් සතු විය යුතු බව පහදයි. තාර්කික බුද්ධිය හා තාර්කික චින්තන ශක්තිය ශාස්ත්‍ර පීඨය උගන්වන දේවල් වලින් ලබාගත යුතු බව කියයි. කතාව එතැනින් නතර වන්නේ නැත.

කායික චාලක බුද්ධිය, අවකාශමය බුද්ධිය, සංගීතමය බුද්ධිය, තාර්කික ගණිතමය බුද්ධිය ස්වභාවිකවාදී බුද්ධිය, වාග්මය බුද්ධිය, පුද්ගලාන්තර බුද්ධිය, සමාජීය බුද්ධිය, සදාචාරමය බුද්ධිය, ආත්ම පිළිබඳ බුද්ධිය යනාදී සියල්ලෙන් සපිරි උත්තරීතර පරමාර්ථ ජීවන ලලාසා සහිත පුරවැසියන් රටට අවශ්‍ය බව මහාචාර්ය අමරකීර්ති පෙන්වා දෙයි. මේ සියල්ල සරසවියට පා තබන සිසුන් හට අවධාරණය කිරීම වැදගත්ය.

ලලයි ලිලයි ලා

එහෙත් අවාසනාවට මෙන් ජීවන ලලාසා කෙසේ වෙතත් මෙය මුළු කතාවම ලලයි ලිලයි ලා එකක් බවට පත් වී තිබේ. වරද අමරකීර්තිගේ නොවේ එහෙත් වරදක් ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල හෝ මානව විද්‍යා පීඨ වල උගන්වන දේ ඉගෙනගෙන අමරකීර්ති කියන මේ ගුණාංග අත්පත් කරගත හැකිද?

සමහර තැන් වල අවම වශයෙන් විෂයමාලා නිර්දේශයක් වත් නැත. ජාත්‍යන්තරව පිළිගත් යමක් ප්‍රකාශයට පත්කළ හැකි සරසවි ආචාර්යවරු කීදෙනෙක් ශාස්ත්‍ර පීඨය සිටිත්ද? ඉංග්‍රීසි වචන කීපයක් වත් හරි හැටි ගැටගසා ගන්නට බැරි ආචාර්යවරු ශාස්ත්‍ර පීඨයේ ඉන්නවා නොවේද? වැටුප මෙන් තවත් ගුණයක්

පර්යේෂණ දීමනාව ලෙස ලැබුණත් එවැනි පර්යේෂණ කීයක් වැදගත් ප්‍රකාශනයක පළවිය ඇත්ද?

සිමෙස් තර ක්‍රමයට කඩිමුඩියෙ කරන ඉගැන්වීම්වලින් මහාචාර්ය අමරකීර්ති දක්වන සංනිවේදන කුසලතා

වර්ධනය කිරීමට ඇතිවන බාධා ඌන පූරණය කිරීමේ වැඩපිළිවෙල කුමක්ද?

ශාස්ත්‍රඥයෙක් වශයෙන් හා පුරෝගාමි කර්තව්‍යයන් රැසක් කිරීමෙන් මේ දුෂ්කරතා ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව මහාචාර්ය අමරකීර්ති ජීවිතය ආදර්ශයෙන් පෙන්වා පෙන්වාදී ඇති විද්වතෙකි. අවම වශයෙන් මේ කරුණු මතු කිරීම හෝ සාධනීය. එහෙත් ගැටලුව එයින් විසඳෙන්නේ නැත.

බැරි වෙලාවත් අලුතින් පැමිණි නවකයෙක්’ සර් දැන් ඔය කියන ඒවා ට අපිට මෙහිදී මඟ පෙන්වනවා ද? යැයි විමසුවේ නම් විද්වත් අමරකීර්ති මහාචාර්යතුමන් ටද ඔලුව කසන්නට වනු ඇත.

විමුක්තිය හැලීගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.