කලු කොටියා මන්දට අහුවෙලා

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට හසු වී තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත (26) දින රාත‍්‍රියේ රැුගෙන ගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ එළවළු වගා ගොවිපලක අටවා තිබූ මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කර කොටියා මුදාගෙන මූලික ප‍්‍රතිකාර ලබා දී පසුව උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යනු ලැබූහ.

එළවළු වගා ගොවිපලේ මන්ද ඇට වූ සැකකරු වනජීවි නිලධාරින් විසින් (27) දින උදෑසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ‍්‍රී පාද රක්ෂිතයේ කළු කොටින් පස් දෙනෙකු පමණ වාසය කරන බවත්, මන්දට හසු වූ කොටියා අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8, උසින් අඩි 4 පමණ හොඳින් වැඩුණු පිරිමි සතෙකු බව වනජීවි නිලධාරින් කියා සිටියේය.

ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ‍්‍රී ලංකාවේ රක්ෂිත වල ජීවත් වන බවත්, ශ‍්‍රී පාද රක්ෂිතය ආශ‍්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප‍්‍රමාණයක් සිටින බවත්, මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බව ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී තුවාල ලබා සිටියදී සොයාගැනුණු දුර්ලභ ගණයේ “කළු කොටියා” ගොස් තිබේ.

වනජීවි  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ උඩවලව ඇත්අතුරුසෙවණේ රඳවා සිටි එම සත්ත්වයා අද (29) උදෑසන මියගිය බවයි.

දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබූ උගුලකට හසු වීමෙන් තුවාල ලබා සිටි මෙම දුර්ලභ ගණයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරමුදාගෙන ප්‍රතිකාර සදහා ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

එහි ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතරතුර එම සත්ත්වයා මියගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.