දෑස මග හරින ප්‍රේමකීර්ති ඝාතකයින් ගැන පුතණුවන් සෙවිල්ලෙන්

premakeerthi

ඒ බිහිසුණු රාත්‍රියේ ප්‍රේමකීර්ති ද අල්විස් නික්ම ගියේ තවත් මොහොතකින් තමන් යළිත් ආපසු පැමිණෙන බව කියමින් එදා මාස 11ක බිලිඳු දරුවා අද අවුරුදු පහක දියණියක් සිටින පියෙකි.

මේ පුතණුවන් කියන පරිදි පියා මැරූ ඝාතකයින් දැන් ඔහු දනී . නඩුව නිමාවට පත්වී නැත. ඔහු ඒ ගැන අවදියෙන් සිටියත් ඒ පසුපස හඹා යන්නේ නැත. මන්දයත් ඔහුට ඔහුගේ සුරතල් දියණිය මතක් වේ. ඒත් අම්මා වන නිර්මලා ද අල්විස් තවමත් විවෘත මනසින් ඝාතකයින් හඹා යන්නීය. ඇයටද නඩුවක් ගොනුවී ඇත.

නිර්මලා ද අල්විස් මහත්මිය පළකර ඇති අදහස්වලින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් ඇයගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉදිරිපත් කර ඇති නඩුවක් ඇත.

දීර්ඝ කරුණු විභාගයකින් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා පැමිණිලිකාර හඩ්සන් සමරසිංහ පාර්ශ්වයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.ඒ අනුව නඩුවට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමේදී මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිත සිද්ධීන්වල අදාළ කරුණුද ඉරිපත් කිරීමට විත්තිකාරියට අධිකරණය අවසර දී තිබේ.

මීට තිස් එක් වසරකට පෙර අපෙන් සමුගත් පුතු පූර්ණ සම්පත් අදත් කියන්නේ පෙර පිනකින් තමන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා කලාකරුවා ට දාව ඉපදුන බවයි.

ඔහුගේ ප්‍රියතම ගීතය ප්‍රේමකීර්ති ලියූ ආදරයේ උල්පත අම්මා ගීතයයි ඊට හේතුව අම්මා යොදා අරගලයක් කොට තමන් රැක බලාගෙන පියාගේ සැබෑ ඝාතකයින්ප්‍ හෙළිදරව් කිරීමට දරන අප්‍රමාණ දිරියයි.

ඔහුගේම අත් අකුරු වලින් ලියවුනු තාමත් නොගැනුණු ගීතයක් ළඟදීම එළිදක්වන්නට පූර්ණ සම්පත් පුතු මේ දිනවල වෙහෙසෙයි.

” මගේ පියා ඝාතනය කල අය මගේ ඇස් ඉදිරියට හමුවෙලා තියෙනවා ඒ අය මාව මග ඇරලා යනවා”

ඒ කියන්නේ පූර්ණ සම්පත් පුතුය.

පූර්ණ පුතණුවන් කියන්නේ තාත්තාගේ ගීත හත් දහසක් පමණ ඇති බවයි. මේවා සංරක්ෂණය කිරීම ඔහුගේ කාලීන මෙහෙවරයි. අවාසනාවට මෙන් මේ පුද්ගලයින් හට නීතියේ ප්‍රමාදය සහ අඩුලුහුඬුකම් ඔවුන්ට වාසිය ගෙන දෙන අතර නිර්මලාට හා පූර්ණ ට තැවුල ගෙනදෙයි.

වඩේ කමින් ප්ලේන්ටි බොමින් නිර්මලා යුක්තිය පසිඳලන ආකාරය බලා සිටී. පූර්ණ දියණිය අත අල්ලාගෙන පෙරට ගමන් කිරීමට දිරි දරයි. ප්‍රේමකීර්ති තනි තරුවක මතකය අප සියලු දෙනා තුළ රඳවයි. තිස් එක් වසරක් ගෙවී ගොසිනි. සාධාරණය කවදා ඉටු වේවි ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.