පොලිස් පොල්ල පෙම් සුවයට හරස් කළ හැකිද?

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති.

හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් දෙසට ළං වන්නේ අශ්ශීල වදන් සමුදායක් ද මුදා හරිමිනි. ශරීර ප්‍රමාණයෙන් කුඩා යුවළක් ඔහුගේ ඉලක්කය වී ඇති බවකි. තරුණියගේ මුහුණේ ඇත්තේ ලැජ්ජාවකි. තරුණයාගේ මුහුණේ ඇත්තේ, පරාජිත හැඟීමකි. උද්‍යාන ආරක්ෂකයාගේ මුහුණේ ඇත්තේ ජයග්‍රාහී රෞද්‍ර බැල්මකි. පෙම් ලොවේ තනි වන්නට වෙනත් සෙවණක් සොයා යා යුතු බවට නියෝගයකි.

මට තාම මතකයි මම රෝස පාට ඇඳුමක් එදා ඇඳන් හිටියේ. ඊට පස්සේ මම ඒ ගවුම ඇන්දෙත් නැහැ. මොකද ඒ ගවුම අතට ගන්නකොට මට ඒ සිද්ධිය මතක් වුනා.ඉහත දැක්වෙන්නේ පේරාදෙණිය උද්‍යානයේදී මීට මාස කිහිපයකට පෙර මාගේ නිරීක්ෂණයට ලක් වූ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ උද්‍යාන, වෙරළ තීර ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන තුළ පෙම්සුව විඳ ඇති පෙම්වතුන්ට මෙය අලුත් අත්දැකීමක් නොවේ.
සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි. විශේෂයෙන් පාකිස්තානය සහ ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල අන්තවාදී පාර්ශව ඊට දක්වන්නේ දැඩි විරෝධයකි.

ශ්‍රී ලංකාව ද ඇතුළුව කලාපීය රටවල ප්‍රේමය සහ ලිංගිකත්වය බොහෝ අවස්ථාවල සැලකෙන්නේ තහනම් මාතෘකා (Taboo)ලෙසය.පසුගිය දිනක ලැගුම්හලකදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් පිරිසක් පිළිබඳව පළ වූ වෙබ් පුවතක “පාටියට ආපු තරුණියන්ගේ බෑග්වල උපත් පාලන කොපු” යනුවෙන් පළ කර තිබිණි.

උපත් පාලන කොපු ළඟ තබා ගැනීම පුවතක ශීර්ෂය බවට පත්වීමත් එසේ ළඟ තබා ගැනීම වරදක්දැයි යන්නත් ඇතැමෙක් සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කළහ.පෙම්වතුන්ගේ දිනය හෝ වෙනත් දිනවල ප්‍රසිද්ධ ස්ථානවල හෝ ලැගුම්හල් තුළදී පොලිසියේ අත්අඩංගුවට පත් වන තරුණ තරුණියන් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වේ. විශේෂයෙන් එවැනි අත්දැකීමකට මුහුණ පෑමට සිදුවන තරුණියන් සමාජය හමුවේ අපවාදයට ද ලක් වන්නීය.

“මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. A/L කරන කාලේ පන්ති ඇරිලා ගෙදර යන්න මම කුරුණෑගල බස් නැවතුම්පොළේ හිටියා. සීසන් එකෙන් යන්න සීටීබී බස් එකක් එනකන් තමයි බලා හිටියේ. 2010, 2011 කාලයේ කුරුණෑගල පෙම්වතුන් අසභ්‍ය විදිහට හැසිරෙනවා, පාක් එකේ ගොඩ දෙනෙක් අල්ලනවා කියලා රාවයක් ගිය කාලයක්. ඒ නිසා මේ බස් එකට නගින්න කියලා පොලිසිය ඇවිත් මට කිව්වා. මම කිව්වා නැහැ මම සීටීබී බස් එකක් එනකන් ඉන්නේ කියලා. සීටීබී නෙමෙයි එන බස් එකට නැගලා යන්න කියලා පොලිසිය කිව්වා. මට ඒ වෙලාවේ ඕන වුණේ මම වැරැද්දක් නෙවෙයි කරන්නේ කියලා පෙන්වන්න. බස් එකට නැග්ගා නම් මමත් වැරදිකරුවෙක් වෙනවා

මම දන්නේ නැහැ තව ගැහැණු ළමයෙක් ඒ තීරණය ඒ විදිහට ගනීද කියලා. එහෙම නැත්නම් ඒ ගැහැණු ළමයි ලැජ්ජාවට ගෙදරට මුහුණ දෙන්න විදිහක් නැතිව වෙන විදිහක් තෝර ගන්න පුළුවන් නීතිවේදිනී ධනුෂිකා අබේරත්න මට තාම මතකයි මම රෝස පාට ඇඳුමක් එදා ඇඳන් හිටියේ. ඊට පස්සේ මම ඒ ගවුම ඇන්දෙත් නැහැ. මොකද ඒ ගවුම අතට ගන්නකොට මට ඒ සිද්ධිය මතක් වුණා. මාස තුනක් විතර යනකම් පාඩම් කරන්න බැරි වුණා. පාඩම් කරද්දී මතක් වෙනවා ‘පොලිසිය මට බැන්නා නේ ද? මම වරදක් කළා ද?’ කියලා. සෑහෙන්න කාලයක් යනකම් ඒක මානසිකව වද දුන්නා.

එදා ඉඳන් මම හිතුවා මගේ නම වෙන විදිහකට ප්‍රසිද්ධ වෙන්න වැඩ කරනවා කියලා. ඒක තමයි මම එදා ගත්ත තීරණය. හැබැයි මම දන්නේ නැහැ තව ගැහැණු ළමයෙක් ඒ තීරණය ඒ විදිහට ගනීද කියලා. එහෙම නැත්නම් ඒ ගැහැණු ළමයි ලජ්ජාවට ගෙදරට මුහුණ දෙන්න විදිහක් නැතිව වෙන විදිහක් තෝර ගන්න පුළුවන්,”

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ සංවාදය ආරම්භ කළේ පාසල් අවධියේ තමන් මුහුණ දුන් අත්දැකීමක් විස්තර කරමිනි.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව විවාපත් විය හැකි වයස් සීමාව අවුරුදු 18 ය. නමුත් අවුරුදු 16 ඉක්මවූ තරුණියකට හෝ තරුණයෙකුට තමන් කැමති අයෙකු සමග ලිංගිකව එක් වීමට නීතියෙන් බාධාවක් නොමැත. ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී වයස අවුරුදු 16 ඉක්මවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ නිශ්චිත නීතියක් නොමැති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය නීති කිහිපයක් යොදා ගන්නා බව කථිකාචාර්ය ධනුෂිකා අබේරත්න කියා සිටී.1841 බලාත්මක කෙරුණු පාදඩ ආඥා පනත/ අයාල ආඥා පනත දණ්ඩ නීති සංග්‍රහයේ 350 සහ 352 යන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගත හැකි දැයි යන්න ප්‍රශ්නයක් බව කී ඇය “මෙය තිබෙන්නේ වීදියේ සැරිසරන ගණිකාවන් හෝ යාචකයන් තව පුද්ගලයන්ට කරදර කරනවා නම් එය වැළැක්වීමටයි. නමුත් මෙවැනි අයට වඩා පෙම්වතුන් මෙහි ඉලක්ක බවට පත් වීම ප්‍රශ්නයක්,” යනුවෙන් පැවසුවාය.

ඉහත කී චෝදනා යටතේ පෙම්වතුන් අත්අඩංගුවට ගනු ලැබුවත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් දෙමව්පියන් වෙත භාර දීමට හෝ සමථයකට ඒමට පොලිසිය බොහෝ අවස්ථාවල කටයුතු කරන බව ඇය පෙන්වා දෙන්නීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.