බොරැල්ල කනත්ත අසල ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන්

National Flag

කොළඹ ගාලු මුවදොර  පැවැති  නිදහස් දින උත්සවයේදී  ජාතික  ගිය  සිංහලෙන් පමණක් ගැනුණු අතර මීට විරෝධය පළකරමින්  බොරැල්ලෙ කනත්ත අසලට රැස්වූ පිරිසක්  සිංහලෙන් සහ දෙමළෙන් ජාතික ගීය ගායනා කළහ.

රටක තිබිය යුත්තේ එක ජාතික ගියත් යන අදහස දරන පිරිස්  ජාතික ගීය සිංහලෙන් පමණක් ගැනීම පිළිබඳව තම ප්‍රසාදය ආණ්ඩුව වෙත දක්වන අතර  දෙමළ ජනතාව  ශ්‍රී ලාංකික ජාතියේ කොටසක් වීමට දරන උත්සාහයට  එක පසකින් ජාතික ගීය ගැයීම  බාධාවක් බව කියන පිරිස්  ආන්ඩුවේ තීරණය විවේචනය කරති.

විවිධ රටවල්වල  ඔබ ගියේ ගයනා කිරීම   පිළිබඳව  තිබෙන සම්ප්‍රදාය වෙනස් ය.

ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ බංගලි භාෂාවෙනි. වැඩි දෙනෙක් කථා කරන හින්දි භාෂාවෙන් නොවේ. සිංගප්පූරුවේ බහුතරය චීන ජාතිකයෝ වෙති. එරට ජාතික ගීය මැලේ භාෂාවෙන් ගයනු ලැබේ. කැනඩාවේ ජාතික ගීය ඉංග‍්‍රීසි සහ ප‍්‍රංස භාෂාවලින් ගයනු ලැබේ. නවසීලන්තයේ ජාතික ගීය ගයන්නේ ඉංග‍්‍රීසි සහ මයෝරි භාෂාවලිනි. මහජන උත්සවවලදී පළමු ගී ඛණ්ඩය පළමුව දේශීය භාෂාවක් වන මයෝරි භාෂාවෙන්ද දෙවනුව ඉංග‍්‍රීසි භාෂාවෙන්ද ගයනු ලැබේ. දකුණු අප‍්‍රිකානු ජාතික ගීය භාෂා පහකින් ගයනු ලැබේ. ජාතික ගීය භාෂා දෙකකින් හෝ තුනකින් හෝ ගයනු ලබන තවත් රටවල් බොහෝ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.