බොහෝදේ අහිමි කොටගෙන උපරිම වන්දිය වන ලක්ෂ 125ක් ලබාගත් පොලිස් නිලධාරියා

කේ. එම්. ප‍්‍රදීප් කරුණාධීර යනු ශ‍්‍රී ලංකා පොලිසියේ පොලිස් ඒවායේ මේතාක් විශාලතම වන්දි මුදල ලැබූ පොලිස් නිලධාරියා ය. රුපියල් ලක්ෂ 125ක වන්දියක් ඔහුට ලැබුණේ බොහෝ දේ අහිමි වීමේ හේතුවෙනි.

ප්‍රදීප් 1977දී උප පොලිස් පරීක්ෂක එක් වශයෙන් පොලිසියට බැඳුණු අතර ඔහු දැදුරුඔය ප්‍රදේශය කරා ගියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීමක් ලබමිනි.

දේශපාලන හා මැර බලය යොදාගෙන ජාවාරම්කරුවන් පිරිසක් දැදුරු ඔයේ වැලි සොරෙන් ගොඩ දැමීමත් රජයේ ඉඩම්වල තේක්ක දැව කැපීමත්, මැටි බොරලූ සොරෙන් කපා පැටවීමක්ර මැඩලීම ප්‍රදීප්ට භාරවිය. 2006 මාර්තු 30 වැනිදා වැලි ජාවාරම්කරුවන් පිරිසක් මැඩලීමට දැදුරු ඔයට ගියා ප්‍රදීප්ටත් දැවැන්ත ප්‍රහාරයකට මුහුණදීමට සිදුවිය.

දැදුරුඔයේ වැලි තලාවේ 15-20 ක් පමණ පිරිසක් මෙම ක‍්‍රියාවෙහි නිරත වී සිටියහ. ඔහු එහි යන විට පිරිසක් පලා ගිය අතර නායකයා වන සිසිර ද තවත් කීප දෙනෙක්ද, ලෝඩරයද. ටිපර් රථද අත්අඩංගුවට ගන්නා ලදී. රාජකාරී ගිනි අවිය භාවිතා කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.  ප්‍රදීප් පොලිස් සගයින්ටද පහර පිට පහර එල්ල විය.

ප්‍රදීප් සිහි සුන් විය. ප්‍රහාරය තරම හෙළිවුණේ අධිකරණයේදීය. වන්දි ඉල්ලා ඌට අවුරුදු දාහතරක් සටන් කරන්නට සිදුවිය.

මම උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛදවරයෙක් ලෙස විසි තුන් වසරක සේවා පළපුරුද්දක් තිබූ විශේෂඥ වෛද්‍ය නවීන්ද්‍ර ප‍්‍රිය දයාසේන පැවසූයේ ප්‍රදීප් ගේ ලලාට අස්ථිය බිඳීමක්, සහ මොළයට ලේ ගැලීම නිසා ලේ පිරීම හේතුවෙන් මොළය ඉදිමී ඇති බවත්, දකුණු ඇසට බරපතළ හානි සිදුවීම නිසා ඇස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, කන ආශ‍්‍රිතව ලේ ගැලීමක් සිදු වී නාසයෙන් සහ උගුරට ලේ ගැලීමක් සිදු වී ඇති බවත් නිරීක්‍ෂණය නිරීක්ෂණය කළ බවයි.

විශේෂඥ වෛද්‍යවරයා

“කනෙන්, උගුරෙන් විශාල වශයෙන් ලේ ගැලීමක් සිදු වෙලා තිබෙනවා. හිසට හා මුහුණට පහරදීම සිදු වූ අවස්ථාවේ තුවාලකරුගේ මොළයට අධික කම්පනයක් වෙන්න පුළුවන්. මේ නිසා මොළයෙන් කොටසක් මිය යන්න තරම් ස්නායුවල කැඞීම නිසා සිදු වෙන්න පුළුවන්” යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

නඩු තීන්දුව

ඉදිරිපත් වූ සියලූ සාක්‍ෂි සම්පිණ්ඩනය කරන නිකවැරටිය දිසා විනිසුරුවරිය වූ ඩබ්. එම්. එස්. එල්. දසනායක මහත්මිය තීන්දු කළේ දකුණු ඇස අහිමි වී තිබීම මුඛයේ දත් 11 ක් අහිමි වීම, එබැවින් ආහාර ගැනීමට හා ආහාර සැපීමට, අපහසු වීම හකුඇට හා හනු හානිවීමෙන් මුඛය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට අපහසු වීම ආදී කරුණුවලට රුපියල් ලක්‍ෂ 50 (පණහක්) වන්දි වශයෙන්ද පැමිණිලිකරුට ස්ථිර වශයෙන්ම ගඳ සුවඳ ආඝ‍්‍රාණය කිරීමට නොහැකි ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වීම, සාමාන්‍ය කටයුතුවලදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි වීම සියයට පහළොවක (15%) ශ‍්‍රවණ ආබාධිත තත්ත්වය ස්ථීරව ජීවිත කාලය පුරාම පැවැතීම යන කරුණු සළකා බලා රුපියල් ලක්‍ෂ පණහක (50) වන්දි මුදලක්ද, තරුණ අවධියේ සිටියදී සදාකාලික විරූපී තත්ත්වයට පත් වී ස්ථීර ආබාධිත තත්ත්වයට පත්වීමද අනාගත අභිවෘද්ධියට හා පෞද්ගලික අනාගත ජීවිතයට සිදු වී ඇති සියලූ හානි පාඩු සළකා බැලීමේදී රුපියල් ලක්‍ෂ 25 (විසිපහක්) වශයෙන්ද සම්පූර්ණ වන්දි මුදල ලක්‍ෂ (125) එකසිය විසිපහක් විත්තිකරුවන් එක්ව හා හෝ වෙන් වෙන්ව පැමිණිලිකරුට ගෙවිය යුතු බවය.

ආදරවන්තිය

වඩාත් ශෝචනීය පුවත වන්නේ ප්‍රදීපා තම ආදරවන්තිය අහිමිවීමේ පුවතයි. ප්‍රදීප් නියම වචනවලින් කියතොත් මේ ආදරය දැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර ගත්තේය.

” මා ආදරය කළ මාරවිල ප‍්‍රදේශයේ ආදර වන්තිය සමග මා විවාහ ගිවිසගෙන මේ වන කොට සිටියේ. වෙඩින් කාඞ් පත් පවා සකස් කර තිබුණා.

සිද්ධිය වන විට ඇය විදේශ ගතවයි සිටියේ. ඒ නිසා මට මේ තරම් හානිවුණා. කියා ඇය දැන සිට නැහැ. මට ඇහැක් දාලා, දත් දාලා කියා ඇය දැන සිටියේ නැහැ. දැනගත් පසු ඇය අකැමැති වුණා. විවාහයෙන් වසරකට පසු බිරිඳගේ පාර්ශ්වයෙන් දික්කසාද නඩුවක් දමා තිබුණා. ඇය වෙන් වුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.