
හත් වන ශ්‍රේණියේ සිසුන් අතර ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා බෙදා හැරීමට සැලසුම් කර තිබූ ‘හතේ අපේ පොත’ පිළිබදව මාසයක් ඇතුළත වාර්තාවක් කැඳවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත්, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත් 2020 01 22 දින පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකචිඡා වී ඇත. දැනට මෙම ග්‍රන්ථය සිසුන් අතට පත්වීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබිණි.