ෆේස්බුක් සමාගමේ සිංහල කතා කරන්නන්ට රැකියා

කොරෝනා වසංගත සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය අවුස්සන බවට චෝදනා එල්ල වෙමින් තිබියදී, මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව තුළ මුහුණු පොත හරහා මුස්ලිම් විරෝධී වෛරය ඇවිස්සීමට දායක වීම ගැන ෆේස්බුක් සමාගම සමාව අයැද තිබේ.

මුහුණු පොත පුරා පැතිරුණු කටකතා හා වෛරී ප්‍රකාශ, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවක් විය හැකි බව විමර්ශනයකින් අනාවරණය වීමත් සමග වසර දෙකකට පෙර ලංකාව සසල කළ මාරාන්තික වාර්ගික ප්‍රහාරය තුළ සිය භූමිකාව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙලෙස සමාව ඉල්ලා ඇත.

දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල 2018 වසරේදී සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම්, සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී වෛරය අවුළුවමින් පැතිර ගිය අතර එය පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවූ රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුල් වීම තාවකාලිකව නවතා දැමීමටත් සිදුවිය.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ මුහුණු පොත හරහා හුවමාරු වූ වෛරය අවුලුවන සුලු සටහන්, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවීමට ඉඩ ඇති බවයි.

“අපගේ සමාජ මාධ්‍ය වේදිකාව අවභාවිතය සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කරනවා,” මැයි 12 අඟහරුවාදා සිය වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව මුහුණු පොත ප්‍රකාශ කර තිබේ.

“මේ හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සැබවින්ම සිදුවූ බලපෑම අප පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා.”

තෙල්දෙණිය

 ප්‍රහාරයට වසර දෙකයි – වාර්තාව තාමත් නෑ

ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවා

රයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ දිගන ප්‍රහාරය ගැන සදහන් වන්නේ තුන් දිනක ප්‍රහාර වලින් එක් පුද්ගලයකු මරා දමා, හාරසියයකට වැඩි දේපල, සිද්ධස්ථාන සහ වාහන සංඛ්‍යාවක් විනාශ කර දමා ඇති බවයි.

බලධාරීන් විසින් කිහිපදෙනකු අත් අඩංගුවට ගන්නා ලද්දේ වුවද, දේශපාලන චරිත පසුව නිදහස් කර යවන ලද බව එහි වැඩි දුරටත් සදහන් වේ.

කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රහාරයට දෙවසරකට වැඩි කලක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද සාක්ෂි විභාගයේ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අපොහොසත් වී තිබේ.

2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර වෙලාගත් ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුනි.

කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ සහ කොමසාරිස්වරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී සාක්ෂි විමසීම සිදු වු අතර කොමිසමේ සභාපතිනිය එවකට ප්‍රකාශ කර තිබුනේ විමර්ශන වාර්තාව එම වසරේම ජුලි මාසයේ ප්‍රසිද්ධියට පත් කරන බවයි.

පරීක්ෂණ කටයුතු සඳහා කොමසාරිස් ගසාලි හුසේන්, පරීක්ෂණ හා විමර්ශන අංශ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ ඩබ්ලිව් එම් අහමඩ්, මහනුවර සම්බන්ධීකාරිකා කුමුදුණී විතාරණ හා නීති නිලධාරිනී ප්‍රදීපා වීරවික්‍රම ද සභාපතිනියට සහාය වී තිබුනි.

මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට නිසි කලට පියවර නොගත් රජයේ ආරක්ෂක භට පිරිස් කැරළිකාර සිංහල අන්තවාදීන්ට ආධාර කළ බවට එවකට රජයේ මැති ඇමතිවරුන් ගේද දෝෂ දර්ශනයට ලක් වෙද්දී සන්නද්ධ STF භටයන් මුස්ලිම්වරුන්ට පහරදෙනු දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධියට පත් වී තිබුනි.

‘ඕෆ්ලයින්’ ප්‍රචණ්ඩත්වය

දිගන ගැටුම මොහොතේ මුහුණු පොතේ පැතිරුණු වෛරී ප්‍රකාශ හා කටකතා, ” ‘ඕෆ්ලයින්’ ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයවූවා විය හැක” යි ෆේස්බුක් විමර්ශනය මෙහෙයවීම සඳහා බඳවා ගත් මානව හිමිකම් උපදේශක මණ්ඩලයේ වාර්තාවේ පළමු කොටසේ සදහන් වේ.

ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම කලබලකාරී තත්වයට පෙර එවැනි සටහන් ඉවත් කිරීමට මුහුණු පොත අසමත් වූ අතර එය සිය සමාජ මාධ්‍

ය වේදිකාව තුළ “වෛරී ප්‍රකාශනයට හා වෙනත් ආකාරයන්ගේ හිරිහැරයන් දිගටම පැවතීමට මෙන්ම පැතිරීමටත් හේතු වූ” බවයි..

වාර්තාවේ පළමු කොටසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ , 2009 තරම් ඉහත කාලයකදී එක් සිවිල් සමාජ සංවිධානයක් විසින් මුහුණු පොත අවභාවිතය පිළිබඳව සමාගම හා සම්බන්ධ වීමට උත්සාහ ගෙන ඇති බවයි.

2018 දී සිය ප්‍රහාර සංවිධානය කිරීම සඳහා විවිධ කල්ලි විසින් මුහුණු පොත යොදාගෙන ඇති බව නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, මෙම ප්‍රචණ්ඩත්වය පිටුපස සිටි අයවලුන් අයත් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව භාවිත කරන භාෂාව වන සිංහල සටහන් සමාලෝචනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ “සම්පත් දායකයන් දෙදෙනෙකු පමණකි”.එම වාර්තාවට අනුව, දිනකට ශ්‍රී ලංකාව තුළ මුහුණු පොත භාවිත කරන සංඛ්‍යාව ලක්ෂ 44 කි.

එම ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ පසුගිය වසර දෙක තුළ, මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තමන් පියවර ගණනාවක් ගෙන ඇති බවයි.

ෆේස්බුක් සමාගම සිංහල කථා කරන පුද්ගලයන් බඳවාගෙන:

ඉන්දුනීසියාව හා කාම්බෝජය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ මෙම වාර්තාව සමඟ කළ ප්‍රකාශයක් මඟින් ෆේස්බුක් සමාගම පෙන්වා දෙන්නේ, “ශ්‍රී ලංකාව තුළ අපි, බොහෝවිට වැරදි තොරතුරු අන්තර්ගත වන, නිතර හුවමාරු වන පණිවුඩ බෙදාහැරීම සීමා කිරීමට කටයුතු කර තිබෙන,” බවයි.

තමන් විසින් සිංහල කථා කරන පුද්ගලයන් ද ඇතුළුව වැඩි සේවකයන් පිරිසක් බඳවාගෙන ඇති අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කිරීමට ආරම්භ කළ බව ෆේස්බුක් සමාගම වැඩි දුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.