කිරි පිටි ගැන රජයේ වෛද්‍යවරුන් පතුරුවන බිය පදනම් විරහිතයි – ආනයනකරුවෝ

කිරි පිටි ආනයනය කරන සමාගම් වලට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිරිපිටි පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරන පදනම් විරහිත තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ඇත.

ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප‍්‍රඩක්ට්ස් සහ ඩයමන්ඞ් මිල්ක් ප‍්‍රඩක්ට්ස් යන සමාගම් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ

• කිරිපිටි පරිභෝජනයෙන් පිළිකා හෝ වෙනත් රෝග ඇති නොවේ. ලොව කිසිදු සෞඛ්‍ය ආයතනයක් කිරිපිටි සහ පිළිකා අතර සම්බන්ධයන් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නැත.

• පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2019 ජූලි 18 දාතමින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අන්තර්වාර වාර්තාවට අනුවද, සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය කිසිවක් මිශ‍්‍ර වී නැති බවට සඳහන් කර ඇත.

• සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවට ශ‍්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ රජයේ බලධාරී ආයතන ස්වාධීනව තහවුරු කර ඇත.

• මේදය එක්කළ කිරිපිටි ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු නොලැබේ. මේ බව නිසි බලධාරීන් වෙතින් විමසා තහවුරු කරගත හැක.

නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හානිකර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප‍්‍රඩක්ට්ස් සහ ඩයමන්ඞ් මිල්ක් ප‍්‍රඩක්ට්ස් යන සමාගම් සිය දැඩි කනස්සල්ල පළකරයි.

විද්‍යාත්මක සාක්ෂි

කිරිපිටි මගින් පිළිකා ඇතුළුව තවත් රෝග ඇතිවන බවට පදනම් විරහිත ප‍්‍රචාරයන් සිදුකෙරෙමින් පවතින බවත්, මේ සඳහා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති. කිරිපිටි නිසා පිළිකා ඇතිවන බවට පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මෙතෙක් ලොව කිසිදු සෞඛ්‍ය අධිකාරියක් ඉදිරිපත් කර නැත. මීට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයද ඇතුළත් වන බව ආනයනකරුවන් කියා සිටිති.

කරුණු කාරණා කෙසේ වෙතත් ආනයනය කරන ලද කිරිපිටි මිල දී ගැනීම විශාල වශයෙන් අඩුවී ඇති බවයි සුපිරි වෙළඳසැල් කීපයකින් lankanewsline කළ විමසීමකදී හෙළිදරව් වී ඇත්තේ. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෙතින් ප්‍රතිචාර ලබා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

2 COMMENTS

  1. ME mudalwalta balu weda pawa karana rajaye doctorsla????? kiri companywalin koti ganak ganna thama me katha kiyanne. mun issarath mehemama kiwwa gana gatta passe hondayi kiwwa.
    sathayakwath denna epa. janathaweni munta kossen gahanna

  2. what Mr. Wathurusinghe said was very correct. these money-minded doctors?? wanted to get bribes from milk companies as did many times. after getting bribes they will say “no. according to new research milk powder is good” mun hemadama ohoma thama munge wathkam balanna. channel salli athata gannawa. ratata adare nethi papistayan apagatha wewaaaaaaaaa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.