කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක්

Inside - Air Plane

කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් ආරම්භ වී තිබේ. මනාලි රත්මලාන නව ගුවන් සේවය රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති බවයි.

කොළඹ හා යාපනයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7500 කි. කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15000 ක් බව රාජපක්ෂ මහතා කියයි.

මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දි එක් මගියෙකුගෙන් ඒ සඳහා රුපියල් 33,000 මුදලක් අය කෙරුණි.

ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන් යානයක් අදාල සමාගම විසින් මේ සඳහා යොදවා ඇත. සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි.

රත්මනානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ පෙ.ව. 8.30 ටයි.

නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිත බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

යාපනය සහ චෙන්නායි
යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.