
මිනිස් සිරැරේ රුධිර නාළ අභ්‍යන්තර බිත්තිවල වෙනස්කම් ඇතිවීමට හේතු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදුනහොත් රුධිර නාළ බිත්තිවල ඇතිවන ආබාධ සුවපත් කළ හැකි බව වෛද්‍ය මතයයි.
ඒ සඳහා වූ විශේෂ වෛද්‍ය උපකරණයක් මොරටුව විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් නිපදවා ඇත. එම උපකරණය මඟින් රුධිර නාළ අභ්‍යන්තර බිත්තියේ ක්‍රියාකාරීත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බව එම ඉංජිනේරුවෝ පවසති.
මෙම උපකරණය මඟින් විනාඩි පහළොවක් වැනි සුළු කාලයකදී සිරුරේ රුධිර නාළවල ක්‍රියාකාරීත්වය හඳුනාගත හැකි බව එම උපකරණය නිපදවූ වෛද්‍යවරන්ගේ මතයයි.
මෙම උපකරණයේ තවත් විශේෂත්වයක් වන්නේ කිසියම් ස්ථානයක රුධිර නාළවල අභ්‍යන්තර බිත්තියේ හානියක් සිදුව ඇත්නම් එය මෙම උපකරණය මඟින් හදුනාගත හැකි බවයි.
දෑතේ ඇඟිලිවලට මෙම උපකරණය සම්බන්ධ කර පරීක්ෂණය සිදුකිරීමට හැකිබව එය නිපදවූ වෛද්‍ය වරැන් ප්‍රකාශකර සිටී.
දැනට මෙම උපකරණය කොළඹ ජාතික රෝහලෙත් පෞද්ගලික රෝහල් කිහිපයකත් පරීක්ෂණ මට්ටමින් භාවිත කරයි.
මෙම උපකරණය නිපදවීමට දායක වී ඇත්තේ චරිත් විතානගේ, ශෂික මුණසිංහ සහ වෛද්‍ය දනුක හෙට්ටිආරච්චි විනෝද් සමරවික්‍රම, හේමින්ද ජයවීර, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ගොඞ්වින් කොන්ස්ටන්ටින්, වෛද්‍ය බන්ධුල විජේ සහ වෛද්‍ය මංජුල කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසකි.