සජිත්ගේ යෝජනාව ස්කොට්ලන්තයේ දී ක්‍රියාත්මක වෙයි

sajith premadasa

අවශ්‍යතාවයක් තිබුණු සියලුම කාන්තාවන් හට නොමිලේ සනීපාරක්ෂක පුරා ලබා දෙන බව තම මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේදී කියා සිටියේ සජිත් ප්‍රේමදාසය. දැන් මෙම යෝජනාව ස්කොට්ලන්තයේ දී ක්‍රියාත්මක වීමට නියමිතය.

සියළු කාන්තාවන්ට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දෙන ප්‍රථම රට වීමට ස්කොට්ලන්තය සැරසේ! එංගලන්තයේ ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා කරන ලද අධ්‍යයනයක ප්‍රථිපලය වූයේ වයස අවුරුදු 14ත් 21ත් අතර වන තරුණියන් ගෙන් අඩක් සිය ආර්ථවයේදී අවශය වන නිසි සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනම සදහා පවතින අපහසුතා හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සනීපාරක්ශක තුවා පාවිච්චි කරන්නේ සියලු 30ක පමණ ප්‍රතිශතය. නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් දැරියන් පාසැල් නොඑන අතර කාන්තාවන් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව නොයෙක් රෝගාබාධවලට ගොදුරුවේ.

සිය රටේ සියළු පාසැල් හා විශ්ව විද්‍යාල දැරියන් සදහා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දුන් රට බවට පත් වූයේ ස්කොට්ලන්තයයි.

ආරථව දරිද්‍රතාවය සහ ඒ පිළිබදව පවතින අපකීර්තිය පවතින සමාජ ගැටළු වල ප්‍රමුඛ ගැටළුවක් ලෙස අවධානය යොමු කරමින් එරට සියළු කාන්තාවන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීමට අවශ්‍ය කටයුතු සදහා නව පනතක් එරට පාර්ලිමේන්තුව වෙත පසුගියදා ඉදිරිපත් කරන ලදී.

ආර්ථව නිෂ්පාදන (නිදහස් ප්‍රතිපාදන) ලෙස නම්කර ඇති මෙම පනත් කෙටුම්පත එරට නීති සම්පාදිකා මොනිකා ලෙනින් විසින් ඉදිරිපත් කර ඇති අතර පළමු වටයේ ඡන්ද විමසීම මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත. මෙම පනත සම්පත වීමෙන් අනතරුව ආර්ථව නිෂ්පාදන සදහා රජය වගකිව යුතු වනු අතර අවශ්‍ය අයට ඉතා පහසුවෙන් මෙම නිෂ්පාදන ලබා ගැනීමට හැකි විය යුතු වේ.

මෙම පනත සම්මත කිරීමත් සමග සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ සිය කාන්තාවන් වෙත ලබා දෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත් වනු ඇත. ” සනීපාරක්ෂක නිෂ්පාදන යනු සුඛෝපභෝගී නිෂ්පාදනයක් නොවන සැබවින්ම අත්‍යවශ්‍ය නිෂ්පාදනයන්ය.. නීති සම්පාදිකා මොනිකා ලෙනින් පවසයි.

2018 වසරේදී ස්කොට්ලන්තය පාසැල් ශිෂ්‍යාවන් සදහා ආර්ථව නිෂ්පාදන නොමිලේ ලබා දුන් ප්‍රථම රාජ්‍යයද වෙයි. ඒ සඳහා ස්කොට්ලන්ත රජය වසරකට ඩොලර් මිලියන 5.2ක් වැය කරනු ලබන්නේය. රජයේ මෙම තීරණය සදහා සහය වීමට එරට බොහෝ ආයතන මෙන්ම දේශීය ව්‍යාපාරද හවුල් වී ඇත. එපමණක් නොව එරට බොහො අවන් හල් වල සහ හෝටල් වල කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයීම ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.