
දකුණු අප්‍රිකානු රූ රැජින සොසිබිනි ටන්සි 2019 විශ්ව රූ රැජින කිරුළ දිනාගනු ලැබීය. 2011 වසරේ ඇන්ගෝලා ජනරජයේ ලෙයිලා ලෝප්ස්ගෙන් පසු විශ්ව රූ රැජින කිරුළට හිමිකම් කියන කළු ජාතික සම්භවයක් ඇති පළමු වැන්නා ඇය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සොසිබිනි ටන්සි විවිධ වටයන් සඳහා විවිධ ඇඳුමින් ඉදිරිපත් වීම හරහා විනිසුරුවන් සහ රසිකයන් ආකර්ෂණය කර ගනිමින් පසුව තරගය පුරා ඉදිරියෙන් සිටියාය. සම්ප්‍රදායානුකූලව පසුගිය වසරේ විශ්ව රූ රැජින කිරුළ හිමි කරගත් පිලිපීනයේ කැට්‍රියෝනා ග්‍රේ විසින් ඇයට එම කිරුළ පැළඳුවාය.
දකුණු අප්‍රිකාවේ සෝලෝ නගරයේ උපත ලබා ඇති 26 හැවිරිදි සෝසිබිනී ටන්සි වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. 2019 වර්ෂයේ දකුණු අප්‍රිකානු රූ රැජින තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මේ තරගය නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගනු ලැබීය. දකුණු අප්‍රිකාව විශ්ව රූ රැජින කිරුළ දිනාගත් තෙවන අවස්ථාව මෙය වේ.