ඇඳි වත පවා අහිමිව ක්‍රිකට්‌ නායක කිරුළ පැලඳු චන්දිමාල්

Dinesh Chandimalපරාජයේ අමිහිරියාවෙන් පසු බංගලාදේශයේ පැවැත්වුණු තුන්කොන් සටන ඊයේ ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. සුපුරුදු රිද්මයට පියමනිමින් අපේ කණ්ඩායම ලැබූ ජය ගැන හැමෝම වගේ කතාවුණා. සමහරු කිව්වේ නව පුහුණුකරු හතුරුසිංහගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නව ජයවයක් ලැබුණු බවයි.

ඒ වගේම මේ තරඟාවලියේ නායකත්වය හිමි උනේ දිනේෂ් චන්දිමාල්ට. චන්දිමාලුත් නිසි වගකීම් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නිවැරදි නායකත්වයක් ලබාදීමද කැපී පෙනුනා. තමන්ගේ ගේ දොර විතරක් නෙමේ ඇඳි වත පවා එදා දරුණු සුනාමියට ගහගෙන ගිහින් හැම දේම අහිමි උනාට පස්සේ ඔහු ලංකාවේ ජාතික කණ්ඩායම දක්වා ආපු ගමන ගැන මේ විදිහට මතක් කරන්න අපි හිතුවා.

මේ අත්දැකීමට මුහුණදුන්නු හුගක් අය තාමත් ඒ මතකය නිසා දුක්විදිනවා. ඒ විදිහට ඒ ඉරණමට මුහුණු දුන්නු දිනේෂ් චන්දිමාල්ගේ දුක්බර මතකය ගැනයි මේ. 2004/12/26 දා ඇතිවූ සුනාමියෙන් දිනේෂ් චන්දිමාල්ගේ ජීවිතය උඩියටිකුරු කළේය.

නත්තල් දිනයට පසු උදෑසන මෙම සිදුවීම සිදුවන විට අම්බලන්ගොඩ පිහිටි සිය නිවසේ චන්දිමාල් සිටියේය. ඔහු ඒ වන විට පසුදින කොළඹ පැවැත්වෙන අවුරුදු 15න් පහළ තේරීම් තරගයට එක්වීම සඳහා සූදානමින් සිටියේය. ඒ සඳහා අවශ්‍ය බඩු භාහිරාදිය ඔහු අසුරාගෙන තිබුණි.

“මම ඒ වන විට නිවසේ සිටිමින් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නරඹමින් සිටියේ. ඇත්තටම එය පෝය දවසක් වුණා. පෝය දිනයේදී අපි ගෙදර පිරිසුදු කරනවා. අපි එකතු කළ කුණු මගේ මව විසින් ඉවතට දමා යන්න පිටව ගියා. ඒ අවස්ථාවේදී ඇය කෑගසුවා ‘එන්න එන්න ඇවිත් බලන්න’ කියලා. ඉතින් අපි ඔක්කොම ඒ දෙසට දුවගෙන ගියා. අපි හිතුවේ ඒ නයෙක් හෝ වෙන දෙයක් වෙන්න ඇති කියලයි.

සුනාමි
අපි හිතුවේ නෑ ඒ එන්නේ සුනාමි කියලා. අප දෙසට වතුර වේගයෙන් ආවා. අපි වෙතට ආපු මාමා කෙනෙක් කීවේ ‘සුනාමි එනවා ඔබගේ දරුවන් සමග දුවන්න’ කියලයි.මම හිතන්නේ අපි මීටර් 200ක් 300ක් දිව්වා. වාසනාවකට කන්දක් තිබුණා. අපි ඒ කන්දට දිව්වා. ඉහළට නැගලා බලාගෙන සිටියා.

එහිදී අපේ නිවස ඇතුළුව හැම දෙයක්ම ගසාගෙන යන අයුරු දුටුවා ”හැමදෙයක්. ඇඳුම්, අඩුම කුඩුම, ගෘහ භාණ්ඩ, ඒ වගේම චන්දිමාල්ගේ ආදරණීය ක්‍රිකට් හිස්වැස්මද ඒ අතර විය.“ ඇත්තටම සුනාමි දිනයට පසු දිනයේදී. ඒ කියන්නේ 27 වැනිදා.

අවුරුදු 15 පහළ කණ්ඩායමත් සමග තේරීම් තරගයක් කොළඹ තිබෙන්න තිබුණා. මම ඒ වෙනුවෙන් මගේ බෑගය සූදානම් කරගෙන තිබුණේ. සුනාමියෙන් පසුව මම මගේ බෑගය සෙව්වා. අවසානයට එය සොයාගත්තේ මගේ නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ ඈතින්. නමුත් එහි තිබුණ දෑ මට භාවිත කළ නොහැකිව තිබුණේ.

මොකද වතුර එයට ඇතුළුවී තිබුණා. හැම දෙයක්ම විනාශ වෙලා. නමුත් ඒ තරගාවලියත් අවලංගු වුණා.”සුනාමියක් යන්න එදින වන තෙක්ම දැන නොසිටි බව චන්දිමාල් පවසයි. “දැනගෙන සිටියේ නෑ සුනාමියක් කියන්නේ මොකක්ද කියලා. එයින් මාසයකට හෝ දෙකකට පමණ පසුව පවුලක් ලෙස අපි ගැටලුවලට මුහුණදීම ආරම්භ වුණා. අපිට ඉන්න තැනක් තිබුණේ නෑ. අපිට ආහාර, ඇඳුම් ගැටලු තිබුණා.

නමුත් මම හිතනවා එය මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න අභිප්‍රේරණයක් ඇති වුණා කියලා”ඉන් අනතුරුව සිය ක්‍රිකට් සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා කොළඹට පැමිණීමට චන්දිමාල් කටයුතු කරයි. ඒ අනුව සිය පවුල රැකගැනීම සඳහා වන සැලසුමකින් ඔහු මේ ගමන ආරම්භ කළේය. චන්දිමාල් උත්හාස කළේ ඒ කරුම දිනය පවුලට අමතක කිරීමටයි.
“මම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ අවුරුදු 13දී. මගේ පළමු පුහුණුකරු වුණේ අශෝක කුමාර. ඉන් අනතුරුව මම වසර දෙකක් ක්‍රීඩා කළා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් මම අවුරුදු 13න් පහළ, 15 න් පහළ, 17න් පහළ හා 19න් පහළ තරග ක්‍රීඩා කළා. මට අවුරුදු 17 දී මම කොළඹ ආනන්ද විදුහලට පැමිණියා.”

“සුනාමි නිසා මට හැම දෙයක්ම නැතිවුණා. යක්ෂයෙක් වගේ ආපු සුනාමිය හැම දෙයක්ම විනාශ කළා. ඒක මට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත්වෙන්න අභිප්‍රේරණය වූ සාධකයක් බවට පත්වුණා. ඒක තමයි මට ශක්තිය වුණේ. මට අරමුණු හා ඉලක්ක තිබුණා. මට මේ තත්ත්වයට එන්න අවශ්‍ය වුණා. මම ආනන්ද විදුහලට එරෙහිව ධර්මාශෝක කණ්ඩායමට ක්‍රීඩා කරන විට අපි ලකුණු 120ට දැවී ගියා. මම නොදැවී ලකුණු 77ක් රැස්කළා.

ඒ කාලයේදී මගේ කඩුලු රැකීම හොඳ මට්ටමක තිබුණා. මම උඩපන්දු ලබාගැනීමට පියාඹා ගියා. දැන් වගේ අතපසුවීම් වුණේ නෑ. ඒ අවුරුද්දේ ආනන්ද කණ්ඩායමට කඩුලු රකින්නෙකුගේ අඩුවක් තිබුණා. ආනන්ද කණ්ඩායමේ පුහුණුකරු වූ උදයංග පෙරේරා මගේ මව්පියන්ට කතා කරලා කිව්වා මාව ආනන්ද විදුහලට අවශ්‍යයි කියලා. ඒ අනුව මගේ මව්පියන් මාව ආනන්ද විදුහලට යැවීමට කටයුතු කළා.”

නමුත් 2004/12/26 දා ඇතිවූ සුනාමියෙන් ඔහුගේ ජීවිතය උඩියටිකුරු කළේය.සුනාමිය සිදු වූ දිනයේ මතක තමන් වෙත තවමත් ඡායාරූප මෙන් පැමිණෙන බව චන්දිමාල් සඳහන් කරයි. “ ඔව් ඇත්තටම ඒක මගේ මතකයේ තිබෙනවා. සුනාමියෙන් පස්සේ අපි මුහුදු වෙරළට ගියේ අවස්ථා දෙකකදී පමණයි. අපි පවුලක් වශයෙන් එතරම් භියට පත්ව සිටින්නේ. නමුත් ජීවිතය යන්නේ ඒ වගේ තමයි.”

“මම කොළඹ කිසිවෙකු ගැන දන්නේ නෑ. මම ආනන්ද විදුහලේ නේවාසිකාගාරයේ අවුරුදු තුන හතරක් හිටියා. මම ඒ නේවාසිකාගාරයේ ආහාර කෑවේ. ඒක හරිම අපහසුයි. නමුත් මම එයින් විනෝද වුණා. ඇතැම් අවස්ථාවල මගේ මව්පියන් දුරකතනයෙන් කතා කර මගේ විස්තර ඇහුවා. ආහාර ගැන අහද්දී මම කිව්වේ ඒවා ඔක්කොම හොඳයි කියලා. මම මගේ උදෑසන ආහාරය ගන්නේ නෑ. මොකද එය ආහාරයට ගන්න බෑ. නමුත් මම ඔවුන්ට කිසිවක් කීවේ නෑ. මම හැමවෙලාවෙම කීවේ මම හොඳින් කියලයි.”

“කොහොම වුණත් මම නේවාසිකාරයේ සිටිය කාලයේදී ගොඩක් විනෝද වුණා. නේවාසිකාගාරයේ වැඩ කළ අය මට ගොඩක් උදව් කළා. මම පුහුණුවීම් සඳහා එළියට ගොස් සිටින විට මගේ ආහාර වේල ඔවුන් මගේ කාමරයට ගෙනවිත් තියෙනවා. ඔවුන් මාව හොඳින් බලාගත්තා. ඒ කාලයේදී මම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස එතරම් දක්ෂතා දක්වා නෑ. මම සුපිරි තරුවක් නෙමෙයි.

මොකද ඒ මගේ හැසිරීම නිසා වෙන්න ඇති. නමුත් ඔවුන් මට හොඳන් සැලකුවා. මම හොඳ මිනිසුන් සමග හොඳ දේවල් කතා කළා. ඒ නිසා තමයි ඔවුන් මට ආදරය කළේ. ”මට දැන් තිබෙන දේ ගැන මම සතුටුවෙනවා. 2004 දී අපිට ඉන්න නිවසක්වත් තිබුණේ නෑ. මගේ දෙමාපියන්, මම හා මගේ පවුල ක්‍රීඩකයෙකු ලෙසත් නායකයෙකු ලෙසත් පැමිණි ගමන වෙනුවෙන් ලොකු මහන්සියක් වුණා. ලෝකය කියන්නේ මහන්සි කාර්යයක්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.