හිරු කිරණ මාරාන්තික විය හැකියි

sunbathingහිරු රැස් නැහැවෙන වෙරළක, කෙළිදෙලෙන් පසුවන, ප්‍රිතියෙන් ගත කරන විශාල පිරිසක් දුටු විට කිසිවෙකුටත් ශරීරය විකෘතිව යාමක් හෝ මරණ බියක් පිළිබද හැගීමක් ඇති වෙතැයි කොහොමටවත් සිටිය නොහැකිය. එසේ වුවද අප සිහියට නගා ගත යුත්තේ ඒ සම්බන්ධයයි. මන්ද, සමේ පිලිකා ව වර්තමානයේ තදින් පැතිර යන හෙයිනි. මේ තත්ත්වය වැඩිකොටම සූර්ය රශ්මියට අනාවරණය වීමේ ප්‍රතිඵලයකි. සූර්යාලෝකයෙහි අඩංගු පාරජම්බුල කිරණ(ultraviolet (UV) radiation) හේතුවෙන් සමේ මෙලනොසයිට (melanocytes – මෙලනින් නිපදවන සෛල) මඟින් මෙලනින් නිෂ්පාදනය ඉහළ නංවයි. හමේ ගැඹුරුම ස්ථරවල ඇති ජානමය තොරතුරු වලට හානි පැමිණවීමට පෙර UV විකිරණ අවශෝෂණය කරගනු ලබන්නේ මෙකී මෙලනින් වර්ණකයෙනි(pigment). එහෙත්, අවාසනාවකටමෙන් මෙකි මෙලනින් ආරක්ෂක ගොඩනැගීම ක්ෂණිකව සිදු වන්නක් නො වේ. සමේ පිලිකාවේ දී, UV විකිරණ සමේ සෛල වල ජානමය තොරතුරු වෙනස් කිරීමෙන් සෛල වැඩී බෙදෙන්නේ පාලනයකින් තොරව ය. මෙය ටියුමරයක් දක්වා වර්ධනය වීමට මග පාදයි.

ඕසෝන් ස්තරය තව තවත් තුනී වෙන්නට පටන් ගතහොත් සමේ පිළිකා ව ඉතා විශාල වශයෙන් වර්ධනය වීමට ඉඩ ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ බිය පළ කරති. UV විකිරණ පෘථිවිය මත පතිත වීමට මත්තෙන් ඉන් කොටසක් අවහිර කරනු ලබන්නේ මෙකී ඕසෝන් ස්තරය මගිනි. සූර්ය රශ්මියට වූවමනාවට වඩා ප්‍රමාණයකින් නිරාවරණය වීම නිසා තුන් ආකාරයක(වර්ගයක) සමේ පිලිකා සෑදේ:

පාදස්ථ සෛල කාසිනෝමාව හෙවත් කුලිරමාව(Basal cell carcinoma)

වඩාත් සුලබ නැත්නම් ප්‍රචලිත සමේ පිලිකා ප්‍රභේදය මෙයයි. අපිචර්මයේ(epidermis) ගැඹුර ස්තරයේදී ශීඝ්‍රයෙන් බෙදී යන සෛල අතර මෙම ප්‍රභේදය හටගනී.

ශල්කමය සෛල කාසිනෝමාව (Squamous cell carcinoma)

මේ තමයි දෙවනියට වඩාත් සුලබ සමේ පිලිකා ස්වරූපය. අලුතින් සෑදෙන සමේ සෛල වල හට ගන්නේ ඒවා සමතලා වී සම මතුපිට දෙසට ගමන් කරද්දීය.

මෙලනෝමාව(Melanoma)

මේ සමේ පිළිකා අතුරින් දුර්ලභම වර්ගයයි. එමෙන්ම වඩාත් අන්තරාකාරී වර්ගයයි. එය මෙලනොසයිට අතරේ සිට හටගනී. පාදස්ථ හෝ ශල්කමය සෛල කාසිනෝමා මෙන් නොව මෙලනෝමාව එලෙසම තිබෙන්නට හැරියොත් ස්ථානාන්තරණය වී (metastasize – ඉක්මනින් පැතිරී) සිරුර පුරා ම යයි. එසේ පැතිරෙද්දී මුලින්ම වසා ගැටිති වලට රිංගා පසුව ප්‍රධාන අවයව වලට ඇතුළු වෙයි. ස්ථානාන්තරණයවීමට කලින් මෙලනෝමාව ඇතිබව සොයාගනු ලබන පුද්ගලයෙකුට ජීවත්වීමේ හැකියාව සියයට 90 ක් වන අතර පිළිකාමය සෛල සිරුර පුරා පැතිරී ඇති විටක එම අනුපාතය සියයට 14ක් තරම් පහලට වැටේ.

sun protectionඇමරිකානු පිළිකා සංගමය(American Cancer Society) පෙන්වා දෙන අන්දමට ABCD යන සිහිපදය(mnemonic) යොදා ගැනීමෙන් මෙලනෝමාව මුල් අවධියේ ම වාගේ හඳුනාගත හැකිය. මෙහිදී A යනුවෙන් asymmetry (අසමමිතිය) දැක්වේ. බොහෝ මෙලනෝමා අක්‍රමවත් හැඩයක් ගනී.

B ඇත්තේ border සඳහාය. (ගැටිය) මෙලනෝමා බොහෝ විට විසිරෙන අපහැදිලි ගැටි වලින් යුක්තයි.

C ලකුනෙන් color( වර්ණය) දැක්වේ. මෙලනෝමාවට සාමාන්‍යයෙන් තිබෙන්නේ ලප හෝ පැල්ලම් සහිත පෙනුමයි. දුඹුරු, කළු රතු සහ නිල් වැනි වර්ණ වලින් යුක්තයි.

D යන්න diameter(විෂ්කම්භය) සඳහා යොදා ගැනේ.මි.මි. 5කට ( අඟල් 0.2ක්) වැඩි විෂ්කම්භයෙන් යුතු වර්ධනයන් තර්ජනාත්මක ය.

හමේ පිළිකාව මගහරවා ගැනීම සඳහා යෝග්‍ය ම විදිහ වනුයේ සූර්යයාට දිගටම නිරාවරණය වී සිටීමෙන් වැළකීමයි. හිරු එළියේ වැඩ කිරීම නොකරම බැරි දෙයක් නම් හිස් වැස්මක්, අත් දිග ඇඳුමක් සහ අව් කණ්ණාඩි පලඳින්න.සිරුර ආවරණ සාධකය(sun protection factor – SPF) අඩු තරමින් 15ක් වත් ඇති හිරු ආවරණ ආලේපනයන් (sunscreens) යොදාගන්න. හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 45කට පමණ පෙර එය ආලේප කළ යුතු වන්නේ සමට හොඳින් උකහා ගැනීමට හැකි වන පරිදිය. එවිට දහඩිය සමඟ ආලේපනය සේදී යාමේ අවදානම අඩුය.

sunවළාකුළින් බර අඳුරු අහසක් ඇති වෙලාවක පවා හිරු ආවරණ ආලේපන යොදා ගත යුතු වන්නේ UV කිරණවලට වලාකුළු පසා කරගෙන ආ හැකි හෙයිනි. පිහිනීම සිදු කරන්නේ නම් අනතුරුව නැවත හිරු ආවරණ ආලේපන ගැල්විය යුතුය.

හිරුආවරණ ආලේපන ගැන සදහන් කලයුතුම කාරණයක් වන්නේ ඒවා නිර්භ්‍රම(වැරදිය නොහැකි) නොවන බවයි. ඒ කියන්නේ අපේක්ෂා කරන මට්ටමේ ආරක්ෂාවක් නොලෑබිමට ඉඩ ඇති බවයි. හිරුආවරණ බොහෝමයකින් අවහිර කරනු ලබන්නේ UV කිරණ වලින් මුදාහරින ඉහල ශක්ති කොටස පමණකි. එය UV-B ලෙස දැක්වේ. හිරුආවරණ ආලේපන මගින් UV-A යනුවෙන් දැක්වෙන පහල ශක්ති කොටස අවහිර කරනු ලැබීම සීමා සහිතයි UV-B සම පිලිස්සීමට හේතු විය හැකි අතර මෑතක පර්යේෂණ දක්වන්නේ UV-A ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන අතර බාගවිට මෙලනෝමාවට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව හීන කරන බවයි.

හිරු ආවරණ ආලේපයක් භාවිත කිරීමේ තවත් මානයක් ද අපට හමුවේ. එම ආලේපන මගින් ආරක්ෂාවක් සලසන බව දන්නා හෙයින් අප වැඩි වෙලාවක් සුර්යාලෝකයට නිරාවරණය වීමට පෙළඹේ. මෙය ඇතැම්විට මෙලනෝමාව වැළඳීමේ අවදානම ඉහළ දමනවා විය හැකිය.

හිරුආවරණ ආලේපන අධිකව භාවිතා කිරීම හේතුවෙන් D විටමිනය නිපදවීමට සිරුරට ඇති හැකියාව අඩු වී යාමේ හැකියාවක් ඇති බවට ද ඇතැම් වෛද්‍යවරු අනතුරු අඟවති.

Biology of Humans by Judith Goodenough(6th edition) නම් ග්‍රන්ථයේ HEALTH ISSUE: Fun in the Sun? යන කොටස ඇසුරෙනි-(තතු උපුටනයයි}

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.