පුරුෂයින්ට උපත් පාලන පෙත්තක්

පුරුෂයන් වෙනුවෙන් සැකසුණු උපත් පාලන ඖෂධ පරිභෝජනයට සුදුසු මට්ටමක පවතී ද යන්න පිළිබඳ පැවැත්වූ ආරම්භක පරීක්ෂණ සාර්ථක වී ඇතැයි විශේෂඥයෝ පවසති. පසුගියදා පැවැත්වූ ලෝක ප්‍රසිද්ධ වෛද්‍ය සම්මේලනයක දී මෙම කරුණු ඉදිරිපත් විය.

දිනකට එක් වරක් පමණක් පරිභෝජනය කළ යුතු මෙම පෙති වර්ගයට ශුක්‍රාණු නිපදවීම නතර කළ හැකි හෝමෝනයක් අඩංගු කර තිබේ. කොන්ඩම් භාවිතය සහ වාසෙක්තමි ශල්‍යකර්මය වැනි පුරුෂයන් වෙනුවෙන් ඇති උපත් පාලන ක්‍රම දෙකට අමතරව මෙම පෙති භාවිතය හඳුන්වා දෙනු ඇත.

නමුත් මෙය වෙළෙඳපොළට නිකුත් කිරීමට තවත් වසර දහයක පමණ කාලයක් ගත වෙනු ඇතැයි වෛද්‍ය සම්මේලනයේ දී ප්‍රකාශ විය.

“අපි කැමතියි”

ශ්‍රී ලාංකික සමාජය තුළ ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලනය සම්බන්ධයෙන් විවෘතව අදහස් පළ කිරීමට බොහෝ දෙනෙකු මැලිකමක් දක්වති. මේ හේතුවෙන්, නව උපත් පාලන පෙති ගැන අදහස් දැක්වූ තිදෙනා සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළහ.

“පුරුෂයන්ට උපත් පාලන පෙති නිපදවීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒකට හේතුව මේ වනතෙක් උපත් පාලන පෙති අරගෙන එයින් ඇතිවන හැම අතුරු ප්‍රතිඵලයක්ම විඳ ගත්තේ ගැහැණු අපි විතරයි. දැන් පුරුෂයන්ටත් අපට දැනෙන වේදනාවන් සහ සමහර වෙලාවට එන බිය දැනෙන්න ගන්නවා. දෙදෙනෙක් එක් වන විට තිබෙන ගොඩක් වගකීම් ගැහැණියකගේ කර මත පැටවෙන එක මෙයින් යම් දුරකට අඩුවෙනවා,” ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් පැවසීය.

ලිංගික ශක්තිය

කාන්තා උපත් පාලන පෙති හඳුන්වා දී වසර ගණනාවක් ගෙවී ගොස් තිබේ. නමුත් පුරුෂයන් වෙනුවෙන් එවැනි පෙති වර්ගයක් හඳුන්වාදීම මෙතරම් අපහසු වූයේ ඇයි?

පුරුෂයන් සඳහා උපත් පාලන පෙති හඳුන්වාදීම පිළිබඳ සමාජය සහ ව්‍යාපාරික ලෝකය තුළ කැමැත්තක් නොතිබීම මෙයට හේතුව බව සමහරු පවසති. නමුත් අදහස් විමසීමේ සමීක්ෂණයක දී පුරුෂයන් වැඩි දෙනෙක් පැවසුවේ මෙවැනි පෙති වෙළෙඳපොළේ තිබෙන්නේ නම් තමන් භාවිත කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.