විමුක්ති බණ කාට කියමුද?

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙනුවෙන් එදා සිවිල් සමාජ ක්‍රියාධර ගාමිණී වියන්ගොඩ අපට මතක් කර දුන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් පරිවර්තනය කරන ලද බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ කවියකි.

ඒ ඒ අර්ථ ගැන්වීම අනුව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දීම හැර කළ හැකි අන් යමක් නොවීය.

අද ද කළ හැකි යමක් තිබේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. දැන් මතක් වන්නේ බොබ් ඩිලන් ගයන පිළිතුර ඇත්තේ හමන සුළඟේ මයි යන ගීතයයි ( The Answer my friend is blowing in the wind)

කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය පතා විමුක්ති බණ මෙසේ සටහන් කරමු

තණ්හාවේ දෝසේ – දුටු බුදුන් වහන්සේ

තණ්හාව නසා – විමුක්තිය පතා

නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

ඉක්බිතිව දවසක් – ගෝලයන් පිරිසක්

ඇසුවේය හිමිගෙන් – එක්තරා පැනයක්

තණ්හාව හල විගස – සැණයකින් අප ලබන

ඔබ කියන ඔය නිවන – කෙබඳුදැයි කියනු මැන

එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත.

බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව

ඉර මුදුන් වේලාවේ විලක් මැද තනිවෙලා

කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

ඔබ කියන ඔය නිවන – පැහැපත් ද පියකරුද

නොඑසේ නම් එය සිත නැති කය නැති

කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමීනී

මෙය ඇසූ හිමි – සඳ හෝරා ගණනක් වැඩ හිඳ නිසලව

කීවේ මෙලෙසය.

ඔබ ඇසූ පැනයට – පිළිතුරු නැත මට

එහෙත් එම – දිනයේ සැන්ඳෑ සමයේ බොරුක් සෙවණේ

වැඩ සිටි සමිඳා – පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු

එහි සිටි සෙසු දන සැම අමතලා

දෙසූහ මේ සුළු කථාව උපමා.

දවසක් මම ගෙයක් දුටිමි – එය ගින්නට හසුව තිබුණි

රත්පැහැ ගත් ගිනි ජාලා – එහි පියසින් උඩට නැගුණි

එහි තුළ මම දනන් දුටිමි – දොර හැර ඔවුනට හඬගා

පිටවන්නැයි මම කීවෙමි

එහෙත් එදන සැලුණේ නැත – හදිසි බවක් පෙන්නුවෙ නැත

එක් අයෙකුගෙ රැවුල පවා පිලිස්සෙද්දි – ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද

වැසි වසීද, සුළඟ තද ද – දැවෙන නිවස දමා ගොසින් ඉන්න තැනක් තිබෙනවා ද

මෙවැනි ප්‍රශ්න රාශියක්ය.

මම පිළිතුරු නොදී ඔහුට – නැවත වරක් උනිමි නිහඬ

මට සිතුණා මේ දරුවන් නඟන ප්‍රශ්න නවත්වන්න – ගින්නෙන් නැසුනාම කියා

සත්තකින්ම පිය දරුවනි – යම් මිනිසකු පොලෝ තලේ

තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්

ඒ දන හට සරණ යන්න – බණක් නැතිය මට කියන්න

එලෙසයි අපි හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.