අකිල දේශපාලනික සියදිවි නසා ගැනීමකට සුදානම්

akila-virajදේශපාලනික වශයෙන් සියදිවි නසා ගැනීමක් වුවද රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගැනීමේ අභියෝගයට මුහණ දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මසකට කෝටි 20ක ආදායමක් විදේශිකයින්ගේ ප්‍රවේශ පත්‍රවලින් උපයා ගත්තත් මසකට ලක්ෂ 29ක් පමණ මුදලක් ලැබෙන බව වාර්තාවලට ඇතුළත් කර තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

වසර ගණනාවක් තිස්සේ කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ද ඊට බලධාරීන් ද තවත් පාර්ශව කිහිපයක් ද හවුල් වී ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධව රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල හිමිපාණන් පැවසුවේ ඇමතිවරයා අස්ගිරි පාර්ශවයේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බවයි.

“මම හිතන්නේ අස්ගිරි මහා කාරක සංඝ සභාව රජයට ඉදිරිපත් කළ විශේෂ යෝජනාවලිය ඇතුළත් ප්‍රකාශනය නිසාත් සංඝ සභාවේ සාමාජිකයෙකු වූ දඹුල්ල රාජමහා විහාරාධිපති වූ මම නිසාත් සංඝ සභාව විසින් නිකුත් කෙරුණු නිවේදනයට රට තුළ ඇතිවූ උද්යෝගය යටපත් කිරීමට තමයි මේ අවස්ථාවේ දඹුලු රාජමහා විහාරය ඉලක්ක කරගත්තේ. එය ඉලක්ක කර ඇමැතිවරු බොරු මූල්‍ය සංඛ්‍යා හා ගණන් හිලව් රටට ප්‍රචාරය කරනවා. ඒවා නිසා ජනතාව පුදුමයට පත් වෙනවා. මෙපමණ මුදලක් එක සංඝයා වහන්සේ නමක් භුක්ති විඳිනවාද? එයාද මේ රංගිරි දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ කියලා. “

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.