අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව වසන්තගෙන්?

wasantha senanayakeඑක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින “වළ පයයි – ගොඩ පයයි” ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවද වසන්ත සේනානායක මහතා අවධාරණය කරයි.

ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් එජාප මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්වාස භංගයට සහාය වනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. ආණ්ඩුව කැබිනට් සංශෝධනයෙන් කොමඩියක් කරන බව කී වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස ඉටු කළ ක්‍රියාකලාපය විමසුවහොත් එය ට්‍ර්ජඩියක් බව මාධ්‍යවේදීහු පෙන්වා දෙති. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එජාප නායකයාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.