අගමැති පුටුවට දිනේෂ් ගුණවර්ධන යෝජනාවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කොට දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස කෙරෙන බලපෑම් වැඩි වෙමින් පවතී.

තමන්ගේ පරිපාලන ක්‍රියාදාමය තුළ පවුල්වාදයට ඉඩක් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ප්‍රකාශ කළ අතර දැන් එම පොරොන්දුව යථාර්ථයක් බවට පත්කළ යුතුව ඇතැයි පොදුජන පෙරමුණ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා හා සමීපව කටයුතු කරන විද්වත් සංවිධානය විසින් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන හසල අවබෝධයක් ඇති කිසිකලෙක දූෂණ චෝදනා එල්ල වූ නොවූ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම තුළින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී යහපත් ප්‍රතිරූපයක් සහිතව තරගවැදීමට ඉඩක් ලැබෙන බව ඉදිරිපත් වේද අදහස පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත මෙම යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ද එකඟතාවයක් ලැබීමට ඉඩ ඇත.

නව කැබිනට් මණ්ඩලයට ඇමතිවරු 15 දෙනෙක් පමණක් පත් කිරීමටත් එම පත්කිරීම් සිදුවීමේදී මතභේදයට තුඩුදෙන හැසිරීම් සහිත දේශපාලනඥයින් පත් නොකිරීමටත් තීරණය කොට ඇතැයි තතුදත් ආරංචි මාර්ග කියා සිටී.

පාර්ලිමේන්තුව තුළ සියළු පක්ෂ සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාවක් දිනේෂ් ගුණවර්ධන මහතා ද තිබීම ඔහුව අගමැති ධුරය සඳහා යෝජනා වීමට බලපෑ තවත් හේතුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.