
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදය පැවැත්වූ විනිසුරුවන්ගෙන් නිදහසට කරුණු විමසීමට අගවිසුරුගේ ප්‍රධානත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
එම දුරකතන සංවාද වලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් ලබාගෙන පූර්ණ විමර්ශනයක් කිරීමටද අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇත. ඒ අනුව රාමනායක මහතා සමඟ දුරකථන ඇමතුම් වල යෙදුණු විනිසුරුවන් දෙදෙනකුගෙන් නිදහසට කරුණු විමසා දැනටමත් ලිපි යවා අයිතිබව මාධ්‍ය වල පළ වී තිබේ.
මේ අතර රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයක යෙදුනු හිටපු විනිශ්චකාරවරියක් වන පද්මිණි රණවක සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නිසා අධිකරණ සේවා කොමිසම ඇය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නැත.