අජිත් ප්‍රසන්න ආයෙත් ඇතුලට

Ajith Prasanna

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන තරුණයින් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධිවක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පරීක්ෂණවල ප්‍රගතිය විමසූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ බව කියන කස්තුරිගේ ගාමිණී නමැති සැකකරුගේ බිරිඳ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන විජය කාන්තන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.