අජිත් ප්‍රසන්නට රිමාන්ඩ් නියෝග

Ajith Prasanna

විවාදාත්මක ලෙස සමාජ සිදුවීම් වලට මැදිහත් වන විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පෙබරවාරි මස 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කොට ඇත.

මහාධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ කටයුතු සහ විනිසුරුවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීම ඔහුට ඇති චෝදනාවයි.

මෙම චෝදනා වලට අදාළව අජිත් ප්‍රසන්න මහතා අද සිතාසි මත අධිකරණයේ පෙනී සිටි අතර එහිදී සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කරනු ලැබුවා.

ඉදිරිපත් වී ඇති කරුණු අනුව පවතින නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වන සහ එම නඩුව විභාග කරන විනිසුරුවරයාගේ කටයුතු වලට බලපෑම් වන ආකාරයට කටයුතු කර ඇති බවට පෙනී යන බව මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියා.

තවද අජිත් ප්‍රසන්න මහතාගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් කැදවීමට මහාධිකරණය නියෝග කරන ලදී .

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහිව පවතින නඩුවක් ඇතුළු තවත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවෙච්නයට ලක්කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියා.

මානසික වෛද්‍ය පරීක්ෂණයකට

තමන්ව මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව පවසන්නේ නම් ඒ සඳහා තමාගේ විරුද්ධත්වයක් නොමැති බව රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ වියදමින් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට තමන් සූදානම් බවයි.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (24) නියම කළා.

නඩුව විමසන වේලාවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ ඇපමත මුදා හරිනු ලැබූවොත් ඔහු නැවත නැවතත් මෙම බරපතළ වරද සිදු කරනු ඇති බවයි. අජිත් ප්‍රසන්න අවස්ථා කීපයකදීම ප්‍රසිද්ධ ස්ථානවල දී පහරදීම් වලට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.