අජිත් සහ ෆොන්සේකා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපන්න රනිල් ගේ සැලසුමක්

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍ අජිත් පී. පෙරේරා මහතා සහ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ කාලයක් තිස්සේම කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා පක්ෂ නායකත්වය රැක ගෙන තිබේ.

පක්ෂයෙහි සාමුහික විනය කඩකිරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. මෙම නෙරපා හැරීම සජිත් ප්‍රේමදාසට කළ සෘජුව අභියෝගයක් ලෙස සැලකිය හැකිය.

පක්ෂ නායකත්වය ලබාගත නොහැකිව රටේ නායකත්වය ලබා ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මතු වී තිබේ. රජ ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත බාගෙන එක්සත් ජාතික පෙරමුනේ නායකත්වය

සජිත් ප්‍රේමදාසට ලබාදීමට එකඟත්වයක් පසුගිය සතියේ ඇති විය. මේ තත්වය හමුවේ ගෙන තිබෙන මෙම පියවර නායකත්ව අර්බුදය තවත් ව්‍යාකූල කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.