
රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට බෙදාදීම සඳහා ඇණවුම් කර නිෂ්පාදනය කර ඇති ටැබ් පරිගණක එම සිසුන්ට ලබා නොදී, අඩු පහසුකම් සහිත පාසල් 1346 කට බෙදා දෙන්නැයි, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
මෙම විශේෂඥ කමිටුව සිය වාර්තාවෙන් තව දුරටත් නිර්දේශ කර ඇත්තේ, ටැබ් පරිගණක 96916 ක් පළමු අදියර යටතේ නිෂ්පාදනය කරඇති බැවින් ඒවා අවස්ථා 3කදී මිලට ගෙන අඩු පහසුකම් සහිත පාසල් වලට ලබාදෙන ලෙසත්,
ටැබ් පරිගණක වැඩ සටහනේ 2වන හා 3වන අදියර ක්‍රියාත්මක නොකරන ලෙසත්ය.
එමෙන්ම පාසල් තෝරා ගැනීමේ දී සියලුම පළාත් නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලෙසත් ඒවා භාවිතය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධීක්ෂණය කරන ලෙසත් කමිටුව තටදුරටත් නිර්දේශ කර ඇත.