අත්අඩංගුවේ පසුවන රාජිත පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රතිචාර පළ වෙයි

Rajitha Senaratne

කොළඹ පෞද්ගලික රෝහලකදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර පළවෙමින් පවතී.

හිටපු ඇමතිවරයාට විරෝධය පළකරමින් සමාජ මාධ්‍ය ප්‍රතිචාර රැසක් පළ වෙමින් පවතී. දූෂණ චෝදනා වලට පාත්‍ර වී සිටින සෙස්සන්ද අත්අඩංගුවට ගන්නැයි මේ ප්‍රතිචාර වලින් කියැවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවෙන් දින තුනකට පසුව ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී සිටිති. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ හිටපු ඇමතිවරයාට ප්‍රතිකාර කරමින් තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ.

රාජිත සේනාරත්න මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබූ බව එම පෞද්ගලික රෝහලේ උමාශංකර් නම් වෛද්‍යවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දී තිබූ අතර වෛද්‍යවරයා පවසා තිබුණේ එම වෛද්‍ය පරීක්ෂණ අවසන් වීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට හැකියාව පවතින බව ඔහු විසින් දන්වා තිබේ/

අද පස්වරු 2.10ට අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට පැමිණි අවස්ථාවේදී පොලීසිය කියා සිටියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගත යුතු බවයි .

විමර්ශනයට ලක් ව තිබෙන මාධ්‍ය හමුවට මූල්‍යමය දායකත්වයක් සපයා ඇති බවට අනාවරණ කරගෙන ඇති රූමි මර්ෂුක් නැමැත්තාගෙන් සහ සැකකරුවන් දෙදෙනා වේශ නිරූපණය කළ තැනැත්තාගෙන් කඩිනමින් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.