
වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණ මාස දෙකක් ගත වුවද තවමත් රාජ්‍ය ආයතන බොහෝමයකට ප්‍රධානීන් හා අධ්යක්ෂ මණ්ඩල පත්කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිණි.
(1) මාස දෙකක් ගත වී රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට අදාළ පත්කිරීම් සිදුකර නැහැ.
(2) දේශපාලන හිතවතුන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඥාතීන් පත් කිරීමක් සිදුව තිබීම.
(3 අධිකරණයෙන් ඇපපිට සිටින පුද්ගලයින් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලබාදී ඇත.
(4) තනතුරු සඳහා තේරීම් මණ්ඩලයේ සිටි ලලිත් වීරතුංග මහතා සහ නාලක ගොඩහේවා මහතා අධිකරණය හමුවේ චෝදනා ඇති අයයි.
(5)වර්තමානයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති වශයෙන් පත්කරනු ලැබ තිබෙන්නේ ධර්මදාස නැමැති පුද්ලයෙක්. ජනාමාධ්‍ය මගින් හෙලිදරව් කර ඇති විදිහට ඔහු සුදුසුකම් ඇති අයෙක් හෝ තේරීම් කමිටුවෙන් තෝරා ගත් අයෙක් නෙමෙයි; ගෝඨාභය මහතාගේ සංචාරවලදී ඔහුට ගුවන් ටිකට්පත් ලබාදුන් පුද්ගලයායි.
(6) ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ මහතාත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නැන්දණියත් පක්කරනු ලැබ තිබෙනවා.
(7)ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කොට ඇත. ඔහු සීඑස්එන් නාලිකාවට අදාළව, ක්‍රිකට් පාලක මණ්ඩලයට අදාළව චෝදනා ලැබූ පුද්ගලයෙක්.
(8)මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට උපාලි කොඩිකාර මහතා පත් කොට ඇත.
ඔහුට ඇති සුදුසුකම් ගැටලුසහගතයි.
(9) දේශපාලන හිතවතුන් නිදසුනක් ලෙස හිටපු අගමැතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ දුව, ඉෂිනි වික්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යනය ආසියාවේ පැරණිම එකක්. එය කලෙක සත්වෝද්‍යාන මොඩලයක් ලෙස පාවිච්චි වුණා. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ගෝඨාභය මහතාගේ ඡන්ද ව්‍යාපාරය කළා. ඇයට මාධ්‍ය සම්බන්ධ දැනුමක් ඇති. නමුත් ඇයට සත්වෝද්‍යානය සම්බන්ධ දැනුම ගැටලූකාරීයි.
(10) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට ශෂී වෙල්ගම පත් කර තිබෙනවා. මීට කලින් රාජපක්ෂ පාලනය තුළ ඒ ක්ෂේත්රය තුළම විවිධ දූෂණ හේතුවෙන් අධිකරණමය ක්‍රියාවලට ලක්වී තිබෙනවා.
(11)දැනට පුවත්පත්වල දැන්වීම් පළකර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් ඩුබායි තානාපති ලෙස මල්රාජ් සිල්වා නැමැත්තා පත්කිරීමට නියමිත බවයි. ඔහුට රාජ්‍යතාන්ත්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැහැ. මෙය මැදපෙරදිග ප්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක්. ඒ වෙනුවෙන් පත් කිරීමට යන පුද්ගලයා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ විදේශීය මිලදී ගැනීම් සම්බන්ධ චෝදනාවලට ලක්වී සිටිනවා.
(12)ජනාධිපති ලේකම්වරයාත් අධිකරණවලින් වරදකරු කරන ලද පුද්ගයෙක්. ඔහුට රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලබා දී තිබුණා.
\(13)අග්‍රාමාත්‍ය ලේකම්වරයාත් දූෂණ චෝදනා මත ඇප මත සිටින පුද්ගයෙක්.