අධ්‍යාපනය අඩාළයි – වර්ජනය සාර්ථකයි

කොට්ටාව-බොරැල්ල 174 ප්‍රධාන බස් මාර්ගයේ පැලවත්ත මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. අද පැවැත් වෙන විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසියේය.

මේ වන විට ඉසුරුපාය, පැලවත්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත් වෙන මොවුන්ගේ උද්ඝෝෂණය ‍හේතුවෙන් මෙලෙස රථවාහන තදබදය ඇතිව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි. කෙසේ වෙතත් උද්ඝෝෂකයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති එක්ව අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති බව ඔහු සදහන් කළේය. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරුවන් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.