අධිරාජ්‍යවාදීන්ට අවශ්‍යම දේ කළේ මහින්ද – බාහු

mahinda

රට ජාතිය රැකගැනීම අරමුණ කොට දක්වමින් හිස ඔසවන ජාතිවාදය සහ ආගම්වාදය “ලොකුම වසංගතය” ලෙස හෙලා දුටු නව සමසමාජ පක්ෂ නායකයා එය රට පාවා දෙන බලවේගය බව කියා සිටී.

ජාතිවාදීන් හා ආගම්වාදීන් කරන අපරාධ නිසා ශ්‍රී ලංකාව හුදෙකලා වී අධිරාජ්‍යවාදී මර්දනයට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි නසසප ප්‍රධාන ලේකම්වරයා අනතුරු ඇඟවූයේ ලංකා සමසමාජ පක්ෂයෙන් බෙදී වෙන්වී තමන් මුල්වී පිහිටුවන ලද වාමාංශික දේශපාලන පක්ෂයට දශක හතරක් පිරීම සමරා කොළඹ නවනගර ශාලාවේ පැවති සංවත්සර උත්සවයේදීය.

සමරුව ආරම්භ කෙරුනේ නවසමසමාජය වෙනුවෙන් දිවිපිදු විරුවන් සැමරූ පුෂ්පදීප උපහාරයකිනි.

“අපි කරන අපරාධ වලින් අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වෙනවා අපේ රට පාගලා දාන්න,” යි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේය.

“ජාතිවාදයට ආගම්වාදයට ගියාම අපිට කවුරුවත් සහායට එන්නේ නැහැ. අපේ සමාජයම විනාශයට යනවා.”

අධිරාජ්‍ය විරෝධීන් ලෙස තමන් හඳුන්වාගනිමින් ඇතැම් කණ්ඩායම් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සන්ධාන ගතවීමත් ආචාර්ය වික්‍රමබාහුගේ දැඩි විවේචනයට ලක් විය.

“අධිරාජ්‍යවාදීන්ට අවශ්‍යම දේ කළේ මහින්ද රාජපක්ෂ,” යැයි නසසප නායකයා කියා සිටියේය.

එම බලවේග පරාජය කරන සටනේ ආරම්භක පියවර ලෙස ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් අවධාරණය කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් පිහිටුවා ගැනීමයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.