අන්තර්ජාලයෙන් වැඩිමිලට බඩුවිකුණූ ආයතනයට නඩු

Online Order

අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ පිහිටි ප්‍රධානපෙළේ පුද්ගලික වෙළඳ ආයතනක් වශයෙන් නම්දරා සිටි Kapruka පවතින පාලන මිලට වඩා වැඩි මිලකට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී අද දහවල්(25දා) පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.

රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කටද, රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත්, රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද Kapruka ආයතනය විසින් අලෙවි කර ඇති බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම අධික මිල ගණන් යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ. ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් මෙම ප්‍රසිද්ද අන්තර්ජාලයෙන් භාණ්ඩ විකුණන ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.