අනුර කුමාරට ව්‍යාපාරික පංතිය අකැපද?

anura-kumaraජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මේ පිළිබඳ තවමත් ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශයක් සිදුකොට නොමැත. මේ පිළිබඳව lankanewsline වෙබ් අඩවියට කරුණු දැක්වූ ‍ග්‍රාහකයින් දැක්වුයේ මිශ්‍ර ප්‍රතිචාරය.

නිතර ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා ව්‍යාපාරිකයෙක් වන සුජිත් ධර්මසේන කියා සිටියේ තමන් ව්‍යාපාරික පන්තියේ ගමන් කරද්දී සාමාන්‍ය ගුවන් ගමනක මිල මෙන් දෙගුණයක් ගෙවන බවයි. තමන් එසේ දෙගුණයක මිල ගෙවන්නේ දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින්න වන නමුත් අනුර දිසානායක කරන්නේ අනුන්ගේ දහදිය මහන්සියෙන් සොයා ගත් ධනයෙන් බව ඔහු කියා සිටියේය.

ප්‍රකට නාට්‍යවේදී වසන්ත ජයසිරි කියා සිටියේ අනුර කුමාර දිසානායක වැනි නායකයෙක් කිසිදු දිනක මෙවැන්නක් නොකරන බවත් මෙම ඡායාරූපය photoshop වැනි උපක්‍රමයක් යොදා සකස් කළ එකක් විය හැකි බවය.
මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන් පැහැදිලි කිරීම්ක් කර ගත්හොත් සත්‍ය දැනගත හැකි බවයි ජයසිරි කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධකම් තිබෙන ග්‍රාහකයෙක් කියා සිටියේ මෙම ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් අනුර කුමාර දිසානායකගේ මිතුරෙකුගෙන් ලැබුණු හෙයින් ඔහු එය භාවිතා කළ බවයි. ගුවන් ටිකට්පත් නිකුත් කරන ව්‍යාපාරික ආයතනයක සේවය කරන අසේල දිසානායක කියා සිටියේ අනුර කුමාර දිසානායක නිතර ගුවනින් ගමන් කරන හෙයින් ඔහු සාමාන්‍ය පන්තියේ ටිකට් පතක් මිලදී ගත්තත් වැඩි පහසුකම් සහිතව ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම්ට ඉඩ දුන්නා විය හැකි බවයි.එසේම ඇතැම් ගුවන් සේවා මගින් දේශපාලන ප්‍රභූන්ට ව්‍යාපාරික පන්තියේ පහසුකම් සපයන ඉඩ ප්‍රස්ථා ඇති බවත් අසේල දිසානායක පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.