
මිරිහාන රැඳවුම් කඳවුරේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටී අප්‍රිකානු ජාතිකයින් තිස් දෙනෙක් පමණ පළාගොස් ඇති බව. හදිසි සෝදිසි මෙය මගදී එළිදරව් වී ඇත මෙම රැඳවුම් කඳවුරේ රැඳවියන් හට නිදහසේ එහා මෙහා යාමට අවස්ථාව සලසා දී තිබුණි.
මෙම කඳවුරේ රැඳවියන් අතර නයිජීරියානු ජාතිකයන් විශාල පිරිසක් සිටින අතර ඔවුන් විවිධ නීතිවිරෝධී කටයුතුවල නිරත වෙන බව තමන්ට හෙළිදරව් ඇසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට ආපසු ගමන් කිරීමට ගුවන් බලපත්‍රයක් නැති අවස්ථාවල දී මෙම රැඳවුම් කඳවුරේ රැඳවීම සාමාන්‍ය පිළිවෙතයි.
සමහර රැඳවියන් බැංකුවල මුදල් නිෂ්කාශන යන්ත්‍ර වලින් වංචාකාරී ලෙස මුදල් ලබාගෙන හසු වූ අවස්ථා වාර්තා වී ඇත.