අපි අතපල්ලෙන් වැටිලා නැහැ – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුගේ අත පල්ලෙන් වැටුණු පක්ෂයක් නොවන බවටත් තමන්ට දිගින් දිගටන කෙණෙහිලිකම් සිදුවුවත් ඕනෙම අභියෝගයකට මුහුණ දී සන්ධානය යටතේ තවදුරටත් වැඩ කිරීමට කැමති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනාවලින් තුනෙන් එකක් ඉල්ලා සිටී. ඒත් ඇත්ත වශයෙන්ම ලැබෙන දේකින් සෑහීමට පත් ව සිටීමට පාක්ෂිකයිනට සිදුව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පාර්ශ්වයෙන් දිගින් දිගටම සිදුවන කෙණෙහිලිකම් පිළිබඳ අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, පසුගියදා (18) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

“මම හිතන්නේ අපට සාමාන්‍ය සාමාජිකයින්, මන්ත්‍රීවරු, රාජ්‍ය ඇමතිවරු කියන කතන්දර නෙවෙයි වැදගත් වෙන්නෙ. අපට වැදගත් වෙන්නෙ පක්ෂ නායකයින් ඇති කරගත්තු එකඟතාවයන්.

කොහොම නමුත් අපට මේ එකිනෙකා කෙණෙහිලි කරනවා නම්, අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලා නෑ, අපට ඕනෑම අභියෝගෙකට අපි මුහුණ දෙන්න ලෑස්තියි.

ශ්‍අපිව නොසලකා හරිනවා නම් අපට ඒකටත් විකල්ප හොයාගෙන යන්න වෙයි කියලයි මම හිතන්නෙ” යනුවෙනුයි ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.