අභයාරාම හාමුදුරුවන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Muruththettuwe ananda

නව රජයට බෙහෙවින්ම පක්ෂපාතීව අදහස් දක්වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසන්නේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බ බවයි. මාධ්‍ය වාර්තා කළ ආකාරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නිර්දේශ කළ ඇතැම් පුද්ගලයින්ට තනතුර ලැබී නැති අතර තවත් අවස්ථාවලදී තනතුරු අත්හැර යෑමට සිදුව ඇත.

ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනාධිපති සහ රජය ගැන ජනතාව අප‍්‍රසාදයට පත් වන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙවන් කටයුතු ඉක්මනින්ම නිරාකරණය කර නොගතහොත් පසුගිය ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේම ජනතා විරෝධයකය ඉතා නුදුරු දිනකදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දුෂ්කර කාලයේ දී සටන් පෙරහැරේ ගිය පිරිස් ඉවතට දමා එකල දකින්නවත් නොසිටි අලුත් පිරිස් අද වන විට ප්‍රධානීන් වටා ඒකරාශී වීමට පටන් ගෙන ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ උපන්දිනය සැමරුවේ අභයාරාමයේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.