අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි කපුකමේ

fauziජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ දූතයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එම විශේෂ සාකච්ඡාව 11 වෙනිදා පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන බව වාර්තා වේ.

සාකච්ඡාවට අරමුණ වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අයගෙන් කීපදෙනකුට ආණ්ඩුවට සම්බන්ධවී කටයුතු කිරීමට කැමැත්ත ලබා ගැනීම වන අතර ඒ පිළිබඳව කළ සාකච්ඡාවේදී තමාට මේ සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට නොහැකි බවත් එජාපයේ අනෙක් අය සමඟ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවත් අගමැතිවරයා දැනුම් දුන් බවත් දැනගන්නට තිබේ.

විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමත් තවත් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ පැන නැඟී ඇති අවුල සහ බෙදීම සමනය කිරීමට ජනාධිපතිවරයා ඊයේත් මේ කණ්ඩායම් දෙක සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබිණි.

නුවරඑළියේ සිට තමන්ගේ හිතවතෙක් ඇමතු අගමැතිවරයා පැවසුවේ තමන් අළුත් ගමනක් යෑමට සුදානම් බවයි.මේ ගමනේදී නිර්භය තීන්දු රැසක් ගැනීමට නියමිතය.

එම ඇමතුම ලද හිතවතා පැවසු ආකරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැන් ලාස්ට් චාන්ස් එකක් ලැබී ඇත, එම වරය අත් හැරියහොත් ‘වෙරි සොරි’ විය හැකි බව ඔහු පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.