අමුණුගම පක්ෂය දේශපාලනයෙන් ඉවතට

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

“යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන”

එක්සත් ජනතා නිදහස් සන්ධාන වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සරත් අමුණුගම මහතා අමාත්‍යධුර ගණනාවක කටයුතු කර තිබේ.

ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම මෙසේ ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.