අයිඞීඑච් රෝහලෙහි සුළු සේවකයෝත් ලෙඩ කරපු කොරෝනා

කොරෝනා වෛරස් රෝගීන් බවට සැකකරන රෝගීන් අයිඞීඑච් රෝහලට ඇතුළත් වීම නිසා එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඊයේ අසනීප නිවාඩු වාර්තා කර ඇත. මෙම තත්වය නිසා ප‍්‍රතිකාර කටයුතුවලට බාධා එල්ලවී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.

වෛද්‍යවරුන් 15 දෙනකු ඊයේ පැමිණ ඇතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකු හැරෙන්නට අනිත් පිරිස අසනීප නිවාඩු වාර්තා කොට ඇත.

මේ අතර කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර කිරීමට හැකි උපාංග සපයා ඇත්තේ එක් වෛද්‍යවරයකුට පමනක් බවත්, අනිත් වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සිදුවී ඇති බවද වාර්ථා වේ.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු කාර්ය මණ්ඩලයට ද අවශ්‍ය ආරක්‍ෂිත උපාංග නිසි ලෙස සපයා නොතිබීම නිසා ඔවුන් සේවයට වාර්තා නොකිරීම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.