අර්ජුන ගේ ගිනස් වාර්තාව කොට උඩ-නත්තල් ගහ බිම……………

arjunaමැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ රුපියල් ලක්ෂ 120 ක වියදමින් ලොව ලොකුම නත්තල් ගස සැදීම නාස්තියක් බව කියා සිටීමෙන් අනතුරුව දැන් එය නතර කිරීමට තීරණය කොට ඇත.

කොළඹ ගාලු මුවදොර නත්තල් ගහ ඉදිකිරිම නතර කළ බව කමිටු සභාපති මංගල පී ගුණසේකර වරාය අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක දී අද (7) පැවසීය. රුපියල් ලක්ෂ 60 ක ද්‍රව්‍යමය ආධාර ලැබුණු බවත් තවත් රුපියල් 60 ලක්ෂයක ආධාර ලැබීමට තිබු බවත් ඔහු පවසයි. මේ අනුව කාර්දිනල් තුමන් ගේ උපදේශයේ වටිනකමේ ලක්ෂ හැටක් වන අතර කළ ගොන් කමේ වියදමත් ලක්ෂ හැටකි.

නිශ්පල වියදම් නතර කර එම මුදල් දුප්පතුන්ට සහන සැලසීමට යොදන්නේ නම් ඒ අනුවණ කමේ වියදම පියවා ගත හැකිය.
නත්තල් ගස ඉදිකිරිම අද සිට නතර කොට ඇත. දැන් මීළඟ ප්‍රශ්නය වන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට එහි සේවය කළ පිරිසට කුමක් සිදුවන්නේද යන්නයි. නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තැබුයේ අගෝස්තු 18 වැනි දා වරාය ඇමැති අර්ජුන් රණතුංග ඇමැතිවරයාය. එතුමන්ට උපදේශකයින් හැට හුටා මාරකි. මේ අඩි 315 උසට නත්තල් ගස ඉදිකර ගිනස් වාර්තාවක් තැබීම සංවිධායකයන්ගේ අදහස විය. ගසේ උස අඩි 60 ක් වන තෙක් මේ උපදේශකයින්ට මොළේ පෑදී නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.