
රනිල් වික්‍රමසිංහ තමන් සිටින ස්ථාවරයෙන් දශමයක් හෝ යහපත වීමට කැමති නැති බව හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා කළ හෙලිදරව්වකි අනාවරණය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ ක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022 දෙකෙන් පසුව කතා කළ හැකි බවයි.
රනිල් පවසන අන්දමට ඔහු අසනීපයෙන් සිටියත් සියලු දෙනාම කතා කරන දේට ඔහු සවන් සවන් දී ඇත.
හර්ෂ සිල්වා පවසන ආකාරයට- “නායකතුමා කිව්වා ගිය පාර 33 දෙනෙක් කතා කළා, ඒවාට සවන් දුන්නා, ඔහුට බොහෝ දෙනා දුරකතනයෙන් කථා කළා, කථා කල බොහෝ දෙනෙක් කිව්වේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න, ඔබ තුමා අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස කරු ජයසූරිය මහත්වරුනුත් සම්බන්ධ කර ගන්න නමුත් නායකත්වය ඔබතුමා තියා ගන්න කියලා.
දැන් කවුරු මොනවා කීවත් නම් වික්‍රමසිංහ මෙතනින් එහාට යාමට නම් හිතන්නේ නැත.
සජිත් පිලට ඇති එකම පිළියම පක්ෂය හැර යෑම පමණි. ඒත් බොහෝ දෙනා තුල ඇති ප්රශ්නය නම් කොහාට යන්නද යන්නයි. ශක්තිමත් පෙළක් වෙනමම ගොඩනැගීමට මේ අවස්ථා බලපාන ප්‍රධාන ප්රශ්නය නම් මූල්‍ය ශක්තිය යි. ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙක් අපට කියා සිටියේය. දැන් සජිත් පිල හොඳටම හිදී ගොස් ඇති බවයි.
රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අදහස අදහස වී ඇත්තේ “මන්ත්‍රීවරුන්ගේ අදහසට සවන් දෙන්න ඕන. ඔබට කතා කරන පුද්ගලයින් ඔබ සිටිය යුතුයැයි කිව්වත් බිම් මට්ටම එහෙම නැහැ” යන්නයි.
හරින් ප්‍රනාන්දු හා සුජීව සේනසිංහට කතා කිරීමට එපා කිව්වත් ඔහු කතා කළහ. රනිල් වෙනුවෙන් පෙනී සිටියේ අකිල විරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන පමණි. අජිත් පෙරේරා මන්ත්‍රී දඩයම ගැන මතක් කර දුන්නේ ය.
හර්ෂණ රාජකරුණා මත විමසුමක් යෝජනා කළ අවස්ථාවේදී බහින්බස් වීමක් ඇතිවිය. මන්ත්‍රීවරු පනස් දෙනෙක් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නැගී සිටියහ.
හරින් ප්‍රනාන්දු පවසන විදිහට පක්ෂයේ නායකත්ව ගැටුම විවිධ වෙස්ගෙන ප්‍රතිනිර්මාණය වේ. ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. එක පිරිසකට ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.’’ යැයි ද හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.