අළුත් අගමැතිවරයෙක් සමග අළුත් යහපාලන ආණ්ඩුවක් සඳහා එජාප මන්ත්‍රි 43ක සහය

maithripala-sirisenaමහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පවසයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු ඒ සඳහා සූදානමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.