ආචාර්ය කුසුම්දාසට එරෙහිව නීති පියවර ගන්න පසුබට වෙන්න එපා – ජනපති

maithripala-sirisenaකොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායකට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම මාධ්‍ය නිවේදනය අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ අදාළ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙසයි.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය. තොරතුරු වාර්තා වන අන්දමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54 ක අල්ලසක් ඉල්ලා තිබී ඇත.

සැකකරුවන් ඊයේ රාත්‍රී කොළඹ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.