ආණ්ඩුවට රුපියලුත් නෑ, ඩොලරුත් නෑ

doller

ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බව ජේෂ්ඨ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

“මහ බැංකුවේ ඩොලර් නෑ” “ගොඩක් අය දන්නේ ආණ්ඩුව ගත්ත ණය විතරක් රජයට බලපානවා කියලයි. ඒත් ඒක නෙවේ ඇත්ත. පෞද්ගලික අංශය ගත්ත විදෙස් ණය ගෙවන්න ඒ ආයතනවලට රුපියල් තියෙනවා. ඒත් රුපියල්වලින් විදෙස් ණය ගෙවන්න බෑ. ඒවාට ඇමෙරිකානු ඩොලර් ඕන. ඒත් මහ බැංකුවට ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නෑ. ආණ්ඩුවට රුපියලුත් නෑ, ඩොලරුත් නෑ.”

සංචාරයකයින්ගේ පැමිණීම අඩුවීම, අපනයනය අඩුවීම, ආනයන වැඩිවීම, රුපියලේ අගය පහත වැටීම නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අනුව, ණය වාරික පියවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට නම් යළි විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශ ආධාර ලබා ගැනීමට සිදුවනු ඇත.

“විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ,” ඩබ්. ඒ. විජේවර්ධන පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.