ආණ්ඩුව බොරු රණ්ඩුවක – මුසම්මිල්

muhammad muzammilබැඳුම්කර වාර්තාව පිළිබඳව බොරු රණ්ඩුවක් ඇතිකරගෙන පෙබරවාරි 10 වෙනිදායින් පසුව එය හමස් පෙට්ටියට දමා සියල්ල අවසන් කරන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් මහතා පවසයි. පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ තවමත් හෙළිදරව් නොවූ තොරතුරු රැසක් ඇති බවයි.

‘‘ එජාප නායකයින්ගේ සම්බන්ධය’ ජනාධිපතිවරයා නොපැවසුවාට අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබෙනවා. මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තැන් කිහිපයකම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සභාපති මලික් සමරවික‍්‍රම හා මහලේකම් කබීර් හෂීම් යන අයගේ නම් සදහන් ව ඇති බව. ‘ යැයි ද ඔහු කීය ජනවාරි 23 මේ විවාදය පැවැත්වීම සක සහිත බවත් ඔහු පවසයි.

“බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත් පමණයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී තිබෙන්නේ. ස්ථාවර නියෝග අනුව සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන ත්‍රෛභාෂා පිටපත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්න්ට ලබා දිය යුතුව තිබෙනවා. ත්‍රෛභාෂා පිටපත් ලබා නොදුන්නොත් ජනවාරි 23 වැනිදා ද මේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.