
ආපදාවට ලක්වූවන් වෙනුවෙන් 117 දුරකතන අංකය විවෘතව තිබෙන බව ද අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, ප්‍රදේශයේ පවතින ආපදා තත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටිති.
රට පුරා ස්ථාන ගණනාවක වාන් දොරටු විවෘත කරන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව සිටින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කරයි. දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක් පමණ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
අයහපත් කාලගුණික තත්වය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19කට බලපා තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා (දෙසැම්බර් 06) දින දහවල් 12ට නිකුත් කළ අනාවැකි නිවේදනය අනුව නැගෙනහිර සහ ඌව පළාත් වල හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතියි.